IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


විද්‍යා ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ්

යාපනය පුංකුඩුතිව්හි පාසල් සිසුවියක කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරුවෝ දොලොස් දෙනා ලබන නව වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් රියාල් මහතා අද (22) නියෝග කළේය.

2015 මැයි මස 13 වැනිදා දැරිය ඝාතන කර තිබුණු අතර ජූලි මාසයේ සිටි සැකකරුවෝ රිමාන්ඩ් බාරයේ පසු වෙති.

 සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස සැකකරුවන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ රට තුල දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිද්ධියේ සැකරකුවන්ට ඇප ලබා දිය නොහැකි බවයි. ඔවුන් වෙනුවෙන් ඇප අවශ්‍ය නම් මහාධිකරණයට යන ලෙස මහේස්ත්‍රාත් කීවේය.

එම සිසුවියගේ මවට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මීට සති දෙකකට පෙර රිමාන්ඩ් කැරුණු කාන්තාවන් දෙදෙනකු ලබන නව වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් අතිරේක මහේස්ත්‍රාත් ජීවරානි මහත්මිය අද නියෝග කළාය.

ප්‍රධාන නඩුවේ සැකකරුවන් දෙදෙනකු වන ස්විස් කුමාරගේ සහ දුසාන්තගේ මව්වරුන් දෙදෙනා එලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

විද්‍යා ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ්

ටෙෂාන් Thursday, 23 June 2016 06:46 AM

නිකන් නෙමෙයි, අර සෞදි වල වගේ ප්‍රසිද්ධියේ එල්ලා මරන්න ඕනෑ. (නි)

:       0       0

ඉන්දු Thursday, 23 June 2016 02:19 AM

මහේස්ත්‍රාත්තුමාට මගේ ප්‍රණාමය! මේ වගේ අපරාධ කළ අය එල්ලා මරාදැමිය යුතුයි. (නි)

:       0       0

මදුසංක Thursday, 23 June 2016 03:00 AM

ඉන්දු, මම ඔබට එකඟයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site