(ඩයනා උදයංගනී)
වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙම මස අවසන් සතියේ සිට ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
යූරියා පොහොර මෙටි්‍රක් ටොන් 65,000ක් සහ බණ්ඩි පොහොර මෙටි්‍රක් ටොන් 38,500ක් කඩිනමින් ගෙන්වීමට සැලසුම් කර ඇතැයි ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
යූරියා පොහොර ඉන්දියානු ණය පහසුකම යටතේත්, බණ්ඩි පොහොර සැපයුම්කරුවකු හරහා කොමර්ෂල් පොහොර සමාගම මගිනුත් ගෙන්වීමට නියමිත අතර, ඒවා ගොවීන් වෙත සහන ක්‍රමයක් යටතේ ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර වී වගාව සඳහා රසායනික පොහොර සමඟ කාබනික පොහොර නොමිලයේ ලබාදීම ද සිදුකරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විටත් කාබනික ඝන පොහොර මෙටි්‍රක් ටොන් 70,000ක් සහ කාබනික දියර පොහොර, ජෛව දියර පොහොර ලීටර ලක්‍ෂ 25 බැගින් ගොවීන් වෙත බෙදා දී ඇතැයි ද පැවසීය.
එමෙන්ම පසුගිය කන්නයේ වගාහානි සඳහා වන්දි ලබාදීම ද මෙම සතියේ ආරම්භ කරන බව කී ඇමතිවරයා මේ වන විටත් දිස්ත්‍රික්ක තුනක වගා හානි ගණනය කර අමාත්‍යාංශය වෙත එවා ඇතැයි ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.