IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


විකුණන්න බැරි වූ කෙසෙල‍් කිලෝ 25000 ක් විනාශ කරයි

(දයාරත්න ඇඹෝගම)

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන ලද කෙසෙල් කිලෝ විසිපන්දහසකට අධික ප්‍රමාණයක් විනාශ කිරිමට සිදුවු බව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා අද (16) පැවසිය.

මෙම කෙසෙල් තොගය එප්පාවල, කටියාව, ගල්නෑව, බුල්නෑව හා නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි ගොවියන් විසින් වෙසක් පොහෝ දිනට පෙර දින අළෙවි කිරිම සදහා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් තිබුණි.

වෙළෙන්දන්ගේ නොපැමිණිම නිසා මෙම තත්තවය ඇති වූ බව ආර්ථික මධ්‍යස්ථානයේ සභාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා මෙසේද පැවසිය.

‘කෙසෙල් ඇතුළු පළතුරු මිලදි ගැනිම සදහා නුවර, ගම්පහ, කොළඹ වැනි දුර ප්‍රදේශවලින් තමයි වෙළදුන් එන්නේ. එහෙත් ඔවුන් රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තඹුත්තේගම වැනි දුර පළාත්වලට පැමිණෙන්නේ නැහැ. ඔවුන්ගේ ලොරි රථ ඩීසල් ලබාගන්න විදියක් නැති බවයි ඔවුන් කියන්නේ’.

‘මේ හේතුව නිසා ගොවියන් විසින් ලොරි රථ හත අටකින් ගෙන ආ කෙසෙල් කිලෝ විසිපන් දහසකට අධික ප්‍රමාණයක් අලෙවි කර ගැනිමට නොහැකි වුණා’. එම කෙසෙල් තොගයෙන් කොටසක් පුද්ගලයන් පිරිසක් වන අලීන්ට ලබාදිමට රැගෙන ගියා . ඉතිරිවු කෙසෙල් කුණු ගොඩට දැම්මා ‘ යැයි ද  සෙනෙවිරත්න මහතා මෙහිදි පැවසිය.



අදහස් (0)

විකුණන්න බැරි වූ කෙසෙල‍් කිලෝ 25000 ක් විනාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 245 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 436 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site