ලන්ඩනයේදීය (රොයිටර්)
මහා බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍ය ධුරය එරට විදෙස් ඇමැතිනී ලිස් ට‍්‍රස් දිනා ගත්තාය.
ඇයට ටෝරි සාමාජිකයන් 81326 දෙනකුගේ ඡන්දය ලබා ගත් අතර රිෂී සුනාක් හිමි වූයේ 60,399කට ආසන්න ගණනකි.
ඒ අනුව 47 හැවිරිදි ලිස් ට‍්‍රස් ට අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ ඇයට පක්ෂ නායකත්වය හිමිවීමෙන් අනතුරුවය.
බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.
කොන්සවර්ටිව් පක්ෂ නායකත්වය සඳහා තරගය පැවැතියේ ලිස් ට‍්‍රස් සහ දි රිෂී සුනාක් අතරේය.
රිෂී සුනාක් බි‍්‍රතාන්‍යයේ හිටපු මුදල් අමාත්‍යවරයා (චාන්සලර්)යි. රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇත්තෙකි. ඔහුට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ නම්, එම ධුරයට පත් වූ පළමු ඉන්දීය සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයා සුනාක් වනු ඇත.
පක්ෂ නායකයා තෝරා ගැනීම සිදුවන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයෙනි. කොන්සවර්ටිව් පක්ෂ නියෝජිතයන්, පක්ෂ ක‍්‍රියාකාරීන් සහ පක්ෂ සාමාජිකයන් අතරේ ඡන්ද විමසුම පැවැත්වුණු අතර එහි ප‍්‍රතිඵල අද ප‍්‍රකාශයට පත් කෙරුණි.
ඒ අනුව, ලිස් ට‍්‍රස් පක්ෂ නායකත්වය හිමිවී, අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත්, තරේසා මේ සහ මාග‍්‍රට් තැචර්ගෙන් පසු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙවැනි කාන්තාව ලිස් ට‍්‍රස්ය .
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලීස් ට්‍රස් මහා බ්‍රිතාන්‍ය අගමැති පුටුවට
චන්දන Monday, 05 September 2022 08:18 PM
ලංකාව තවත් කඩඉමක් පැන්නා...
AnjanaTuesday, 06 September 2022 04:43 AM
දන්න දෙයක් කතා කරන්න චන්දන, හැමදේටම හොට දාන්නේ නැතිව..
සඳුන් Monday, 05 September 2022 08:40 PM
ඇයි අපටත් ඉන්නවා ලීස්ට් ට්‍රස්ට් ජනපති කෙනෙක්... එයා දියවන්නාවෙන් මතුවුණු කෙනෙක්...!
Bamunuarachchi Tuesday, 06 September 2022 08:04 AM
නමේ හැටියට විශ්වාසය අඩු කෙනෙක් නේද අගමැති වෙන්නේ? මහා බ්‍රිතානයේ එහෙමනම් මේ පුංචි ලංකාවේ කොහොම උනාම මොකෝ මචෝ?
senaTuesday, 06 September 2022 12:07 PM
හරියටම හරි මචෝ. ඔය බොරුවට පුම්බලා විස්වාසය හදලා ගේන අයියලා ඉන්නව නේද සත පහක වැඩක් කරගන්න බැරි උදවිය. පේනවනේ අපේ රටට වෙච්ච දේ.
BamunuarachchiTuesday, 06 September 2022 12:27 PM
ඔය ඩිස් ලයික් දාන හාදයෝ කියවල බලපල්ලා එයාගේ නම මොකක්ද කියා. ලීස් = අඩුම, ට්‍රස් = විස්වාසය. ඩෝන්ට් ට්‍රස් උනානම් විස්වාස කරන්න එපා.
Muditha Tuesday, 06 September 2022 12:46 PM
ඇයට ටෝරි සාමාජිකයන් 81326 දෙනකුගේ ඡන්දය ලබාදුන් අතර රිෂී සුනාක්ට හිමි වූයේ 60,399කට ආසන්න ගණනකි. රනිල්වත් පත්කළ යුත්තේ මේ ආකාරයටයි.