IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලබන වසරේ 'මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් වෙනවා

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයක් හරහා ඔබ හඳුනාගත් බුද්ධි ජයවර්ධන "සාරවිට" හොට් ස්ටෝරි සඳහා මෙවර අපි සම්බන්ධ කරගත්තෙමු. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක වන ඇය, පසුගිය දිනවලදී මාධ්‍ය හරහා වඩාත් කතාබහට ලක්වූයේ දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළ දිනාගැනීමත් සමගිනි. ඒ පිළිබඳව සහ ඉදිරි කලා කටයුතු පිළිබඳව අපි ඇයගෙන් මෙසේ තොරතුරු විමසුවෙමු.

 

2016-05-03-ent-65මෙවර "දෙරණ අවුරුදු කුමරිය" ඔබයි?

ඔව්. "අවුරුදු කුමරිය" තරගයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න හීනයක් මට තිබුණා. ඒ නිසා තමයි දෙරණ "අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වුණේ. ගිය අවුරුද්දේ ස්වාධීන රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ "අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වුණා. නමුත්, මට එහි හිමිවුණේ දෙවැනි තැන. ඒ නිසා තමයි මෙවර "දෙරණ අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වෙන්න හිතුවේ. "අවුරුදු කුමරිය" වීමේ හීනේ හැබෑ වුණ නිසා ඉදිරියට මෙවැනි තරග සඳහා මම ඉදිරිපත් වෙන්නේ නැහැ.

 

අවුරුදු කුමරියක් වීම කලා ක්ෂේත්‍රයට පිවිසීමට හොඳ මඟක්?

ඔව්."දෙරණ අවුරුදු කුමරිය" ජයග්‍රහණය කිරීමෙන් පසුව රඟපෑමට ආරාධනා බොහොමයක් ආවා. නමුත්, මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා.

 

ඒ කියන්නේ රඟපෑමට බුද්ධිගේ කැමැත්තක් නැහැ කියන එකද?

නැහැ. රඟපාන්න මම ගොඩක් කැමැතියි. නමුත්, මගේ ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය සපුරගෙන තමයි මම කලාව පැත්තට යොමු වෙන්න අදහස් කරමින් ඉන්නේ.

 

මොකක්ද ඔය කියන ඉලක්කය?

මම ලබන වසරේ පැවැත්වෙන "මිස් ශ්‍රී ලංකා" තරගයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ තරගයට යොමු වෙනකම් රංගනය පැත්තට යොමු වෙන්නෙ නැහැ කියලා මම තීරණය කරගෙන ඉන්නවා.

 

රංගනය පැත්තට යොමු නොවුණත් ඔබ දැනටමත් කලා කටයුතුවල අපි දකිනවා?

වෙළෙඳ දැන්වීම් වගේම ගීත රූප රචනා බොහොමයක මම දැනට රඟපාලා තියෙනවා.

 

බුද්ධි නිරූපිකාවක් විදිහටත් කටයුතු කරනවා?

2014 අවුරුද්දේ තමයි මම නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට යොමු වුණේ. රොසෑන් ඩයස් මහත්මිය යටතේ ඇයගේ ඇකඩමියට සම්බන්ධ වෙලා නිරූපණය පිළිබඳව හැදෑරීම් කරලා තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ. දැනට මම කරලා තියෙන නිරූපණ ප්‍රසංග ගත්තොත් ඉන් වැඩිපුරම කරලා තියෙන්නේ "බ්‍රයිඩ්ල්" ප්‍රසංග.

 

නිරූපිකාවක් විදිහට අද යම් තැනක ඔබ ඉන්නවාද?

මම හිතනවා. මොකද, අද වනවිට ක්ෂේත්‍රයේ වගේම ඉන් පිටතදීත් බොහෝ පිරිසක් මාව හඳුනගෙන තියෙනවා. ඒ වගේම නිරූපණ ප්‍රසංග සඳහා මට සැලකිය හැකි මට්ටමක ආරාධනා ලැබෙනවා. ඉතින් නිරූපණ ක්ෂේත්‍රය තුළ අද මම යම් තැනක ඉන්නවා කියලා මම හිතනවා.

 

ක්ෂේත්‍රයට යොමු වෙන තරුණ පිරිස අද වැඩියි නේද?

ඔව්. නිරූපණ ක්ෂේත්‍රය තුළ ලොකු තරගකාරීත්වයක් මම දකිනවා. ඒක හොඳ දෙයක්. තරගයක් තියෙන කොට තමයි අපේ දක්ෂතාත් දියුණු වෙන්නේ.

 

හැබැයි ගොඩ දෙනෙක් ඉක්මන් ගමනක් මේ තුළ අපේක්ෂා කරනවා. ඔබත් එහෙමද?

නැහැ. මම කවමදාකවත් ඒවැනි ඉක්මන් ගමනක් යන්න අපේක්ෂා කරන කෙනෙක් නෙමෙයි. මම කැමැතියි මේ නිරූපණ ක්ෂේත්‍රය හෝ වේවා වෙනත් ක්ෂේත්‍රයක හෝ වේවා හෙමින් ගමනක් යන්න. කතාවකුත් තියෙනවානේ ඉක්මන් ගමන කෙටියි කියලා.

 

කවුද උදව් කළේ?

විශේෂයෙන්ම මතක් කරන්න ඕනා රොසෑන් ඩයස් මහත්මිය. ඇය තමයි නිරූපණ ක්ෂේත්‍රය තුළදී මට ගොඩක්ම උදව් කළේ. නම් නොකීවාට ගොඩ දෙනෙක් මට මේ ක්ෂේත්‍රය තුළදී උදව් කරලා තියෙනවා. ඊට අමතරව මගේ අම්මාව මතක් කරන්න ඕනා. ඇය තමයි මගේ හැම වැඩකදීම මා පසුපස සෙවණැල්ල මෙන් මා සමග ඉන්නේ.

බුද්ධික සේනාධීර / ඡායාරූප - සංජීව ලක්ෂාන්

 

2016-05-03-ent-67
2016-05-03-ent-69
2016-05-03-ent-70
2016-05-03-ent-71

 



අදහස් (0)

ලබන වසරේ 'මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site