(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද ( 05 ) එළවළු කිලෝ ලක්ෂ තිහකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් එහෙත් එළවලලු මිලදී ගැනීමට පමිණෙන පිටස්තර වෙළඳුන් ගේ අඩුවීම හේතුවෙන් එළවලළු මිල පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය කියයි.
ඉන්ධන අර්බුදය රටපුරා පවතින විරෝධතා රැලි මාලාව මෙන්ම එළවළුළවළු මිල දී ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ උනන්දුව පහළ බැසීම ආදී කරුණු මුල් කරගෙන
එළවළු මිලදී ගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන පිටස්තර වෙළඳුන් ගේ පැමිණීම අඩු වීම හේතුවෙන් මෙලෙස රැගෙන එන එළවළු තොග අලෙවි වීම ඉතා මන්දගාමී තත්ත්වයකින් පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙති.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවින් සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගෙන වගා කළ සිය අස්වැන්න අලෙවි කර ගැනීම සඳහා ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් තිබිණි.
සුපුරුදු පරිදි ආර්ථික මධ්‍යස්ථානය අලුයම 4ට විවෘත කෙරුණු අතර එළවළු රැගෙන ආ ගොවීන් දහවල් වනතුරුත් ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ඇතුළලත් කර ගැනීමට නොහැකිව ප්‍රධාන මාර්ගයේ පෝලිම්වල සිටින අයුරු දැක ගැනීමට හැකිවිය
ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළට එළවළු රැගෙන ආ ගොවීන්ට සිදුව ඇත්තේ වෙළඳසැල් ඉදිරිපිට තම එළවළු තොග තබාගෙන සිටියද ඒවා මිලදී ගැනීම්ට වෙළෙන්දන් නොපැමිණි හේතුවෙන් මිල විශාල වශයෙන් පහළ වැටි කුලියට ගෙනා වාහනයට පැයකට රු 500 බැගින් මුදල් ගෙවමින රැදී සිටීම බව ගොවීහු කීහ.
මෙම එළවලළු මිලදී ගැනීමට වෙළෙන්දන් නොපැමිණීම නිසා වෙළෙඳ සංගමය ට හෝ එළවළු මිල පාලනය කර ගැනීමට නොහැකි බව හෙතෙම සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලැබුණු එළවලු දඹුල්ලේ වේලෙයි