IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලිට්‍රෝ ගෑස් ලෝක බැංකු ණයෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවයි

 

(යොහාන් භාසුර)

ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් රුපියල් කෝටි 650 ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (28) පැවසීය.

එම ණය මුදලේ පළමු කොටස පසුගිය ජූලි මස ලිට්‍රෝ සමාගමට ලැබීමෙන් පසුව එහි මැද කොටසෙන් ගෑස් සඳහා ගෙවීම් කරමින් සිටින බව කී පීරිස් මහතා අවසන් ණය කොටස ලැබෙමින් තිබෙන බව ද සඳහන් කළේය.

එම ණය මුදලේ තවත් කොටසක් ලෙස ඔක්තෝබර් මස රුපියල් බිලියන 8 ක් (කෝටි 800) ගෙවීමට ද බලාපොරොත්තු වන බවත් එම ණය වසර 10 කට අධික කාලයක් ඇති දීර්ඝ කාලීන ණයක් වුවද භාණ්ඩාගාරයට පියවීම ආරම්භ කිරීම ලිට්‍රෝ සමාගම රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ හොඳින් කළමනාකරණය කරන බවට කදිම නිදසුනක් බවත් පීරිස් මහතා කීය.

ලෝක බැංකුව ලබාදුන් ඩොලර් මිලියන 70 ක ණය සම්පූර්ණයෙන් ලබාගැනීමට පෙර රටේ එහි හිමිකරුවන මහා භාණ්ඩාගාරයට ගෙවීමට හැකිවීම පිළිබඳව සතුටුවන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩි දුරටත් කීය.



අදහස් (1)

ලිට්‍රෝ ගෑස් ලෝක බැංකු ණයෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවයි

sanjeewa Wednesday, 28 September 2022 07:00 PM

ඉතුරුකොටස දේශපාලකයන් සහ සභාපති ඇතුළු නිලධාරියෝ කොමිස්, බෝනස් සහ වෙනත් දීමලා කියලා තමන් අතරේ බෙදා ගෙනද? ගෑස් කිලෝ 12.5 විකුණන්නේ 4800ට. එතකොට කිලෝ එකක් 384 ක් වෙනවා. මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 126 ක්. ඒ කියන්නේ රුපියල් 46000 ක් පමණ . මෙට්‍රික් ටොන් එකක කිලෝ 1000 ක්. එවිට කිලෝඑකකට යන්නේ රුපියල් 46 කි. ප්‍රවාහන ගාස්තු නැව් ගාස්තු සහ වෙනත් වියදම් කිලෝ එකකට රුපියල් 150 ක් එකතු කළත් මේගොල්ලෝ විශාල ලාභයක් ලබනවා.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 610 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site