
(නිමල කොඩිතුවක්කු)
පාසල් සහ කාර්යාල සේවාවන් ආරම්භ කිරීමත් සමඟ ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් ඒකාබද්ධව බස් රථ ධාවනය කිරීමට එකඟතාවයකට පැමිණි බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.
හුදකලා කර ඇති ප්‍රදේශවල හැර දිවයින පුරා සෙසු ප්‍රදේශවල සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
පෞද්ගලික බස් රථ හිමියන් සමඟ කොළඹදී අද(30) කැඳවූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් බස් රථ වල ගමන් කරන්නනැයි පාසල් දරුවන්, කාර්යාල සේවකයන්, ඇතුළු මගීන්ගෙන් ඉල්ලීමක් කරන බවද සභාපතිවරයා එහිදී වැඩිදුරටත් කීය.
බස්රථ 2000 ට වැඩි සංඛ්‍යාවක් ඊයේ දිනයේ සිට බස්නාහිර පළාත තුළ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව එම මාධ්‍ය හමුවට එක්වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.
යම් හෙයකින් දිගින් දිගටම බස් රථ ධාවනය නොකිරීමට කිසිවකු හෝ කටයුතු කරන්නේ නම් එම පුද්ගලයන්ගේ ධාවන බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවද සංජීව මහතා එහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා පොදුජන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්, අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති සරත් විජිත කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංගම - පෞද්ගලික බස්සේවා ඒකාබද්ධ කරයි
chandima Monday, 30 November 2020 03:34 PM
සමහර රටවල් වල වගේ බස් කාල සටහන් හදලා ප්‍රවාහනය පාලනය කිරීමට එක් ආයතනයකින් සිදුකරලා ලංගම සහ පෞද්ගලික බස්රථ එම සේවා සැපයීමට කුලීපදනම මත ලබාගත්තා නම් ඔය තරගය නවත්වන්න බැරිද?