IMG-LOGO

ලොකු මහත්තයා පෝලිමේ

2016-07-27-ent-01රටේ ලොකු මහත්තයා පසුගියදාක එංගලන්තෙ පැත්තෙ ගියේ තමන්ගෙ පවුලේ පෞද්ගලික වුවමනාවකටලු...

තමන් ගිය කාරණාව ඉෂ්ඨ කරගත්තට පස්සෙ බලධාරින්ට කිව්වලු මේක පෞද්ගලික ගමනක් නිසා ආණ්ඩුවෙ මුදල් ගමනට යොදවන්න එපා කියලා... ඒ අනුව පුංචි ගෙයක් කුලියට ගත්ත උන්නැහේ බඩු මුට්ටු ටිකක් ගන්න ගමන් බිමන් ගියේ කුලියට ගත්ත ටැක්සියකින්ලු. එංගලන්තෙ ප්‍රසිද්ධ රෙදි සාප්පු ගණනාවකට ගිය ලොකු මහත්තයා තමන් ගත්ත බඩුත් උස්සගෙන තනියම පෝලිමේම ගිහිල්ලා බිල් ගෙව්වා කියලත් ආරංචියි. 

ඊළඟට ටැක්සියක් ගන්න පයින්ම යනකොට ලංකාවෙ අයත් මුණ ගැහුණලු...

මේ කතාව අහපු ආණ්ඩුවෙ ඉනන් ජ්‍යෙෂ්ඨම නායකයෙක් කිව්වලු මේ ආණ්ඩුවෙ ඉන්න නායකයෝ දෙන්නම පෞද්ගලික වැඩවලට රාජකාරියට ලැබෙන වරප්‍රසාද පාවිච්චි නොකිරීම ලොකු පිංකමක්ය කියලා..

 

DESHAYA



අදහස් (0)

ලොකු මහත්තයා පෝලිමේ

චන්ද්‍ර වීරසිංහ Thursday, 28 July 2016 12:25 AM

අපිටත් ටයි කෝට් අඳින ලොකු මහත්තයෙක් ඉන්න එකට කාටද ආඩම්බර! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 305 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 488 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site