
(අංජුල මහික වීරරත්න)
ලංකාවෙි කෙසෙල් විශේෂ කිහිපයක් තෝරාගෙන ඒවා චීන වෙළෙඳපොළට අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් බව චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ වගා කරන පළතුරු චීනයට අපනයනය කිරීම සඳහා පූර්ව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු අතර එම අවස්ථාවට චීනයට අවශ්‍ය පලතුරු අපනයනය සඳහා කරුණු ඉදිරිපත් කිරීමට චීන නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ ලංකාවෙි වගා කරන කැවෙන්ඩිෂ් කෙසෙල් විශේෂය මෙන්ම අන්නාසි, අඹ, ෆැෂන් ෆෘට් සහ ඇඹුල් කෙසෙල් මෙන්ම කටු අනෝදා ලෝකයේ විවිධ රටවල ජනප්‍රියව ඇති බවයි. දැනට පෞද්ගලික ආයතන රැසක් අපනයනයට සුදුසු අන්දමින් වගා කරන ලද පළතුරු අපනයනයෙහි යෙදී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
චීනයට ශ්‍රී ලංකාවේ කෙසෙල් අපනයනය සඳහා වසර ගණනකට පෙර චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතත්, මෙතෙක් එම වැඩපිළිවෙල ක්‍රියාත්මකව නැති නිසා යළිත් එම වැඩපිළිවෙල ඇරඹීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වගා කෙරෙන පළතුරු චීනයට අපනයනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා රජය වශයෙන් ලබා දීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංකා කෙසෙල්වලට චීනයේ හිත යයි
පිටිගල මිලානෝ Thursday, 26 January 2023 11:48 AM
චීන කෙසෙල් කොහොමත් පොඩියි. අපේ කෙසෙලුත් එකරම්ම විශේෂයක් නැහැ.
sharm warn Thursday, 26 January 2023 12:04 PM
චීනෙ හිත ලංකාවෙ හැම මංගල්ලෙටම ගිහිල්ල කියල අපි නම් දැනගෙන ගොඩක් කල්. . තව ඉතින් හිත යන්න තියෙන්නෙ. . . කොහොම වුනත්. . එ ගමන කෙහෙල් හිටවන්න කියල තව කැලෑ අක්කර දාස් ගානකට කෙලවන්න වගෙ. . .
මහින්ද සරමෙරීල Thursday, 26 January 2023 01:40 PM
මූත් එකයි බුල්ඩෝග් බන්දුලයත් එකයි... මොකක් හරි බයිලාවක් කියලා ආණ්ඩුව සතිය ගානේ ගොඩ දානවා...රටට මෙලෝ වැඩක් නෑ
pakeer Thursday, 26 January 2023 02:50 PM
මිනිස්සුන්ට ආණ්ඩුව ගැන මෙලෝ විශ්වාසයක් නැහැ දැන්...!