ඉන්දියාවට නීති විරෝධී ලෙස රත්‍රන් රැගෙන ගිය බව කියන ශ්‍රී ලාංකික කතුන් හත්දෙනකු ඉන්දියාවේ බැංගලෝර් නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ ද හින්දු ‘‘ පුවත්පත වාර්තා කරයි.
ඉන්දියාවේ, බැංග්ලෝර්හි - කෙම්පෙගෝඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එම කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 65කට අධික බව ගුවන්තොටුපළ රේගුව කියයි.
කාන්තාවන් 6 දෙනකු රන් බිස්කට් සිය ගුද මාර්ගයේ සඟවාගෙන පැමිණ ඇති අතර එක් කාන්තාවක් රන් වළලු සිය හිසකෙස් අතර සඟවාගෙන පැමිණ ඇති බව ද කියති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලක් කතුන් හතක් රත්තරන් සමග කොටුවෙති
දසුනි Wednesday, 10 August 2016 02:34 AM
ඇයි මේ ක්‍රමවේදයම මේවා සඟවන්න තෝරාගන්නේ. මේවා කොහොමද ආපසු පාවිච්චි කරන්නේ. (නි)
ඉසුරන්දි Wednesday, 10 August 2016 07:27 AM
දසුනි, කොහේ හැංගුවත් රත්තරන් වල අගය බාලවෙන්නේ නැහැනේ. (නි)
ගාමිණි Tuesday, 09 August 2016 03:56 PM
ලංකාවේ කාන්තාවන් නිසා මට දුකකුත් තියනවා. එ්ත් ඊටත් වැඩිය ලැජ්ජයි (නි)
උපුල් Tuesday, 09 August 2016 05:52 PM
අපි බලමුකෝ මෙයාලා සම්බන්ධයෙන් ගන්නා පියවර මොකක්ද කියලා (නි)
බමුණු ආරච්චි Tuesday, 09 August 2016 10:21 PM
අනේ අපි මොනවා කියලා කියන්නද? (නි)