IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකාවේ සංවර්ධන වැඩසටහනට ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සඳහන් කළහ.

සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා  නීති කෙටුම්පත් කිරීමේ දී ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ලබා දෙන බවත්,  ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය හා සුභසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තවදුරටත් මඟපෙන්වීම් සහ අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බවත් ඔවුහු සඳහන් කළහ.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය බාර  උප සභාපති  මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිතයෝ අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළහ.

ලෝක බැංකු සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන මෙහිදී පූර්ණ විමර්ශනයකට ලක් කෙරුණි.

මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලනය වැඩි දියුණු කිරීම,  ස්වෛරී-මූල්‍ය අංශයේ සම්බන්ධතාවය සහ පද්ධතිමය අවදානම් අවම කිරීම, බැංකු අංශයේ ස්ථාවරත්වය සහ විශ්වාසය පවත්වා ගැනීම,  ප්‍රතිව්‍යුහගත කිරීම සහ බෙදා හැරීම, ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාව අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරිත්වය වැඩි කිරීම, බ්‍රෝඩ්බෑන්ඩ් වෙළඳපොළේ පුද්ගලික ප්‍රාග්ධනය සහ තරගය බළමුළු ගැන්වීම, සමාජ ආරක්ෂණ ආයතනය, බෙදාහැරීමේ පද්ධතිය සහ ඉලක්ක කිරීම ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆැරීස් හඩාඩ් සර්වෝස්  (Faris H. Hadad- Zervos) මෙරට කළමනාකරු  චියෝ කන්දා  (Chiyo Kanda),   ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ  ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ඇලේජන්ඩ්‍රෝ ඇල්වරෙස් ඩිලා කම්පා (Alejandro  Alvarez dela Campa),  මෙරට උපදේශක හුසාම් අබුඩාගා  යන මහත්ම මහත්මීහු  ඇතුළු ලෝක බැංකු නියෝජිතයෝ ද ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (2)

ලංකාවේ සංවර්ධන වැඩසටහනට ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය

Bamunuarachchi Thursday, 02 March 2023 07:54 AM

මේ වගේ කන්ෆරන්ස් එකක දී අනුර කුමාර ලෝක බැංකු නියෝජිතයින් හමුවෙන හැටි බලන්න ආසයි.

:       0       1

Bamunuarachchi Thursday, 02 March 2023 03:10 PM

ෂර්ට් එක උඩින් දාලා ටයි එක දාගෙන එයිද? කෝට් එක දාලා ඩෙනිමක් ඇඳලා එයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site