IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකාව ක්ලීන් කරන්න ජපානෙන් ලොකු තෑග්ගක්

(අංජුල මහික වීරරත්න)

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ.

මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අත්සන් තැබූහ.

මෙම ප්‍රදානය මගින්  පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසල ප්‍රවාහනයට  කම්පැක්ටර් රථ 28ක්  සපයනු ලබන අතර, ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක් බැගින් ලබා දීමට නියමිතය.

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල  ආයෝජන  ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමු වෙමින් තිබෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය මෙහිදී සඳහන් කළාය.  දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට ඉදිරියටත් ජපාන රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බවද උප අමාත්‍යවරිය සඳහන් කළාය. 

ජපාන අගමැතිවරයාගේ  සුබ පැතුම් පණිවිඩයද උප අමාත්‍යවරිය මෙහිදී ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතා වෙත පිළිගැන්වූවාය.



අදහස් (8)

ලංකාව ක්ලීන් කරන්න ජපානෙන් ලොකු තෑග්ගක්

Neel Monday, 03 February 2025 11:11 PM

මුලූ ලෝකෙම අනුර දිසානායක ජනාධිපතිට හොද කිව්වත් අපේ රටේ ඉන්න සමහර ජනතාව අපිට මොනවද කලේ කියලා අහනව හොරුන්ටමයි කැමැත්ත .

:       1       2

Nishan Tuesday, 04 February 2025 03:31 AM

ජපානේ අවුරුද්දකට සැරයක් ශ්‍රී ලංකාවට කුනු ලොරි දෙනවා, ඇම්බියුලන්ස් දෙනවා. මම හිතන්නේ ජපානය මේ ආණ්ඩුව රවට්ටනවා.

:       1       2

පුරවැසියා Tuesday, 04 February 2025 06:01 AM

ඒ කියන්නේ පෙර පැවති පාලනයන් අන්ත දූෂිතයි කියන එක විදේශ රටවලින්ද පිළිගෙන තියෙන එක නේද?

:       24       17

de silva berlin Tuesday, 04 February 2025 06:16 AM

ඔය ඔක්කොටම කලින් ක්ලීන් කරන්න ඕනේ අකාර්යක්ෂම , අල්ලස් ගන්න , නිකරුනේ මහජන මුදල් නාස්ති කරන රජයේ සේවකයෝ.

:       0       27

Kapila Tuesday, 04 February 2025 06:38 AM

ලොකුම තෑග්ග තමයි පච අල්ලන්න පුළුවන් මැෂුම. මිනිස්සු ඕවගේ කියද්දී ඒකෙන් හොයන්ඩ පුළුවන්.

:       2       23

ජගත් ලියනගේ Tuesday, 04 February 2025 06:51 AM

ජපානය හැමදාමත් අපේ රටට හරිම ආදරය කරපු, ඒ වගේම ව්‍යාපෘති සඳහාත් නොයෙක් අයුරින් උදව් උපකාර කළ රටක්.

:       0       25

අනුරුද්ධ ලියනගේ Tuesday, 04 February 2025 11:32 AM

හොඳම වෙලාව විශ්ව විද්‍යාලවලින් රැග් හෙවත් නවක වධය මුළුමනින්ම තුරන් කරලා ශුද්ධ කරන්න, ,ශිෂ්‍යයන්ට වධ හිංසා තර්ජන ගර්ජන හිරිහැර වලට මුහුණ නොපා අධ්‍යයන කටයුතු කර ගෙන යාමට සුදුසු හොඳ සාමකාමී සුන්දර පරිසරය සකස්කර දීමට හැකි නම් ඉතා අගනේ ය.

:       0       26

අමල් Wednesday, 05 February 2025 02:43 PM

කුණු ලොරි 28 ක් ඇතිද මන්දා, 159 කුයි තවත් එකෙක් එන ඡන්දෙන් පටවලා යවන්න ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site