IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලැක්ටෝ වත්තෙන් 6 ක් අත්අඩංගුවට

(එච්. චන්දන)

පුත්තලම - වනාතවිල්ලුව-ලැක්ටෝ වත්තේ සැක සහිත ලෙස රැඳී සිටි පුද්ගලයින් හය දෙනෙකු අද (24) අලුයම අත්අඩංගුවට ගත් බව  වනාතවිල්ලුව පොලීසිය කියයි.

තමන් වත්තේ පොල් ගස් වලට වතුර දැමීම හා කුකුළු ගොවිපොළේ වැඩ කටයුත්තක්  සඳහා පැමිණ සිටි බව සැකකරුවන් පවසා ඇති බව පොලීසිය පවසයි. වත්තේ හිමිකරු හා ඔහුගේ පුතුන් තිදෙනකු මේ අතරවේ.

ඉකුත් ජනවාරි 16 වැනිදා ලැක්ටෝ වත්තේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අන්තවාදී සංවිධානයකට අයත් බව කියන පුපුරණ ද්‍රව්‍ය සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය, ඩෙටනේටර් ඇතුළු උපකරණ විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.

වනාතවිල්ලුව පොලීසිය මගින් අද (24) අලුයම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජනවාරි මාසයේ දී අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනෙකු ද වන බවට දැනට හඳුනා ගෙන  තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (9)

ලැක්ටෝ වත්තෙන් 6 ක් අත්අඩංගුවට

Akila Wednesday, 24 July 2019 05:07 AM

පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් එක්ක අත්අඩංගුවට ගත් සැකකරුවන් වත් ඒ ටිකට ඇප දීල එලියට දාල , පාස්කු ප්‍රහාරය අපි දැනගෙන හිටියේ නැහැ කියල ආණ්ඩුව හැමතැනම කියා කියා අඟ බේරගන්න හදනවා. හැබැයි ඉතින් මේ වෙන දේවල් දැක්කහම හිතාගන්න පුළුවන් කලින් දැනගෙන හිටියත් වැඩි වෙනසක් නැහැ කියල .

:       40       566

ගල්කටස් Wednesday, 24 July 2019 05:11 AM

එම වත්තෙ සැකකරුවනුත් අැප පිට නම් ඉන්නෙ තවත් කවර කථාද නිවටයන් විකටයන් රට කරවන විට මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද...?

:       0       104

max Wednesday, 24 July 2019 05:25 AM

මේ අයට රඟන්න වෙන්නේ තව ටික කාලයයි. ගෝඨාභය මහත්තය ජනාධිපති වනතුරු පමණයි.

:       255       1516

සේන Wednesday, 24 July 2019 05:30 AM

පොලීසියෙන් අල්ලනවා. උසාවියෙන් එළියට දානවා. ප්‍රශ්නයක් තියෙනව නේද ? මම හිතන්නෙ සෑම කෙනෙක්ම ඒ ගැන හොඳටම දන්නවා.

:       1       62

Amara Wednesday, 24 July 2019 07:48 AM

ඇප දුන්න අය දැන් මොකද කියන්නේ? බදු තව ඇති ඔය වත්තේ

:       0       47

Bamunuarachchi Wednesday, 24 July 2019 07:58 AM

පොලිස්සියෙන් අල්ලනවා උසාවි දානවා ඇප දෙනවාට විරුද්ද නැහැ කියනවා.

:       1       13

රවින් Wednesday, 24 July 2019 09:07 AM

ඇත්තටම කුකුළු ගොවිපලක් තියනවාද? කුකුලෝ කීදෙනෙක් ඉන්නවාද? කුකුළු ගොවිපල හා වත්ත බලාගන්න කීදෙනෙක් ඉන්නවාද? නරි හේම ඔය පැත්තේ නැද්ද? පුවත් වලින් දුටු අයුරින්නම් අවුරුදු පහක් හෝ ඊට වැඩි පොල්ගස් තමා දුටුවේ. එම පොල්ගස් වලට අවශ්‍ය තරම් වතුර ඔය අවට තිබෙනවාද? මෙවැනි ප්‍රශ්න රාශියකට සැහීමකට පත්විය හැකි සාදරණිය පිළිතුරු ලැබුනාද?

:       0       43

janahitha Wednesday, 24 July 2019 09:24 AM

සිංහල අපිට බෝම්බ පත්තුකරලා බෝම්බකරුවන්ගේ ඡන්දය ගන්නද? නුඹලාට විරුද්ධව ජනතාව එකවර නැගිටිනවා.

:       0       29

imesh Wednesday, 24 July 2019 06:57 PM

මෙන්න සුළුජාතීන්ට වෙනස්කම් කරනවෝ...

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site