IMG-LOGO

රොමේෂ්ගේ අලුත්ම ගීතය 'නෙතු හමුවිලා'

20160325-ent-99

20160325-ent-100රොමේෂ් සුගතපාල යනු තරුණ පරපුරේ අතර අතිශය ජනප්‍රිය සංගීතඥයෙක් මෙන්ම යොවුන් ගායකයෙක්ද වේ. තම කලා කටයුතු වලින් අලුත් දෙයක් සිය රසික පිරිස් වෙත ලබා දීමට නිරන්තරයෙන්ම උත්සාහ කරන රොමේෂ් මේ දිනවල සිය අලුත්ම මියුසික් විඩියෝව එළිදක්වා තිබේ. වෙනස්කම් රැසක් දකින මෙම අලුත්ම මියුසික් විඩියෝව රොමේෂ් මීට පෙර එළිදැක්වූ මියුසික් විඩියෝ සමගින් සංසන්දනය කරන විට ඉතා ලොකු වෙනසක් දකින්නට ලැබේ. සිය අලුත්ම ගීතය හා මියුසික් විඩියෝ පිළිබඳව රොමේෂ් අපිට මෙසේ තොරතුරු පැවසුවෙමු.

"මගේ අලුත්ම මියුසික් විඩියෝව තමයි "නෙතු හමුවිලා". සති දෙකකට කළින් තමයි මේ ගීතය හා එහි විඩියෝව එළිදැක්වුයේ. මීට පෙර මා නිර්මාණය කළ ගීත හා මියුසික් විඩියෝ එක්ක "නෙතු හමුවිලා" ගීතයේ ගත්තොත් වෙනස්කම් බොහෝමයක් මෙහි දකින්නට පුළුවන්. අද රැල්ලත් එක්ක ගත්තොත් මේ ගීතය ඉන් බැහැරව නිර්මාණය කළ ගීතයක්. මේ ගීතය ලිව්වේ ෂෙහාන් ගලහිටියාව, ගී තනුව නිර්මාණය කළේ ශානක අමිත්. සංගීතය එකතු කළේ මම. මියුසික් විඩියෝවේ මා සමගින් ජනප්‍රිය නළුනිළි යුවලක් වන උදයන්ති කුලතුංග, දසුන් පතිරණ රංගනයෙන් දායක වෙනවා. මියුසික් විඩියෝව නිර්මාණය කළේ "කොළඹ 16" කණ්ඩායම. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළදී මේ ගීතය බොහෝ පිරිසක් නරඹලා තියෙනවා. නරඹපු අයට මේ ගීතයේ ඇති වෙනසදැනිලා තියෙනවා කියලා ඔවුන්ගේ ප්‍රතිචාර මත මට හිතෙනවා. කාලයකට පස්සේ නිර්මාණය කළ ගීතයක් නිසා "නෙතු හමුවෙලා" ගීතයට හොඳ රසික ප්‍රතිචාර ඉදිරියේදී ලැබෙයි කියලා මම හිතනවා. අලුත් ගීතය එළිදැක්වු නිසා මේ දිනවල සංගීත කටයුතු වලින් තාවකාලිකව ඈත්වෙලා ඉන්නවා. නමුත්, මගේ "රොමේෂ් විත් ටියුන්ස්" සංගීත කණ්ඩායමත් එක්ක ප්‍රසංග සඳහා යොමු වෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ දවස්වල මගේ සංගීත කටයුතු ගෙවිලා යන්නේ."

 

20160325-ent-98



අදහස් (0)

රොමේෂ්ගේ අලුත්ම ගීතය 'නෙතු හමුවිලා'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 113 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 147 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site