(ඩයනා උදයංගනී)
රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා නොකර සිටීමට ඉඩ දිය හැකි බව සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද චක්‍රලේඛයක් නිකුත් කළේය.
කොවිඩ් වයිරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සේවා ස්ථානයන්හි දුරස්ථභාවය ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් රාජ්‍ය ආයතනවලට කැඳවීම සීමා කිරීමට රජය තීරණයක් ගෙන ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
එහිදී ආයතනයට වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් සකස් කරගැනීමේ අවස්ථාව ආයතන ප්‍රධානීන් වෙත ලබා දී තිබේ.
නිලධාරීන් සතියකට දින තුනකට වඩා කැඳවීමේ අවශ්‍යතාවයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් ද ආයතන ප්‍රධානියාට තීරණයක් ගත හැකි බව එම චක්‍රලේඛයේ දැක්වේ.
එලෙස මාසික සේවා මුර සකස් කළ පසු කිසියම් නිලධාරියෙක් සේවයට වාර්තා කළ යුතු දිනයක නොපැමිණෙන්නේ නම් පෞද්ගලික නිවාඩුවලින් එම දිනය අඩු කළ යුතු අතර වෛද්‍ය හෝ වෙනත් හේතු මත සේවා මුර ක්‍රමයට ඇතුළත් කර නොගන්නා නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය පරිදි කටයුතු කළ යුතු බව ද එහි සඳහන් වේ.
සේවාමුර අනුව සේවයට නොකැඳවන දිනයන්හිදී මාර්ගගත ක්‍රමයට සෑම නිලධාරියෙක්ම තම රාජකාරීවල නිරතවිය යුතු වේ.
යම් නිලධාරියකු නිරෝධායනයට යොමු කර ඇති අවස්ථාවක ඔවුන්ට එම කාලයේදී සම්පූර්ණ වැටුප් හිමිවන බව ද චක්‍රලේඛයේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදියි... සතියකට දින 03ක් වැඩට එන්න ඕනේ..
මෙය පාසැල් අනධ්‍යයන සේවකයින්ට බලපාන්නේ නැතිද? පාසල් වසා තිබියදීත් මාතර කලාපයේ පාසල් අනධ්‍යයන සේවකයන් දිනපතාම අනිවාර්යයෙන් පාසැල් කැඳවනවා..
දියට දමන ඉබ්බා ඇන්නෑවේ කිව්වලු...
දැන් මේක බලලා රජයේ සෙවකයන් දින 3 ගානේ නිවාඩු ගනීවි සතියට...
සතියට දින 5 ක් වැඩට ආවත් මෙයාලා කරන දෙයක් නැ.....
මෙම ප්‍රවෘත්තිය නිවැරදි විය යුතුය. එම චක්‍රලේඛයට අනුව මාසයකට උපරිම දින 8ක් වන පරිදි සතියට දින 2ක් නිවසේ සිට වැඩ කළ හැක. එනම් සතියට දින 3ක් වැඩට යා යුතුය.
රාජ්‍ය සේවකයන්ගේ වැඩත් අඩු නිසා, මේ මාසේ පඩිත් ටිකක් අඩු කරලා නැති බැරි අයට උදව්වක් කරමුද, ඇත්තටම කුලීඩැඩ කරන මිනිස්සු පව්, අඩුම මාසේ පඩියෙන් රුපියල් 2000 හො 3000 අඩු කරගෙන දුප්පත් අයට යමක් කරන්න පුලුවන්නම් පිනක් නේද...
ජයවේවා කොරෝනා... අපරාදේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි...!!!
චක්‍රලේඛයෙන් නෙවෙයිද විස්තර ගත්තේ? රාජ්‍ය සේවයට බනින අය ගොඩයි. සේවය කරලා බලන්න ඕනෑ තේරුම් ගන්න.
සේවකයන් වැඩට එන එක නවතා දැම්මාම කාර්යාලවල ඇතිවන දිගු පෝලිම් නිසා කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රෙයන් සිදුවිය හැක. කොරෝනා එන්නත ලබාගත් රජයේ නිලධාරීන්ට සාමාන්‍ය පරිදි වැඩකරන්න පුළුවන්.