(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මූලික රෝහලේ නව ජන්ම ළදරු ඒකකයේ වෛද්‍යවරුන් සිටියදී වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හුවා දක්වමින් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සති තිස් හතරක බිළිඳකු අත්තනෝමතික ලෙස අවිස්සාවේල්ල මූලික රෝහලට මාරු කර යවා ඇතැයි එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙම බිලිඳා ස්වසනාධාර උපකරණ සහිතව (vantilater) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවද ඔහු කීවේය.
හෝමාගම මූලික රෝහලේ නව ජන්ම ළදරු ඒකකය විශේෂඥ වෛද්‍යවරියන් දෙදෙනකු යටතේ පාලනය වන අතර එම ඒකකයට අනුමත සාමාන්‍ය වෛද්‍යවරුන් පස් දෙනකු සේවයේ නිරතව සිටින බව රෝහල් ප්‍රකාශකයා කීය.
එසේ තිබියදී වෙනත් ඒකකයක සේවය කළ සාමාන්‍ය වෛද්‍යවරයකුද මෙම ඒකකයට අනුයුක්ත කර ඇති අතර එහි අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබිණි. රෝහලේ වෙනත් ඒකකයකට වෛද්‍යවරයකුගේ අඩුවක් තිබූ බැවින් මෙම ඒකකයේ වැඩිපුර සිටි වෛද්‍යවරයා නව උපත් ළදරු ඒකකයෙන් ඉවත්කර වෙනත් ඒකකයකට යොමු කිරීමට රෝහල් බලධාරීන් පසුගිය දා පියවර ගෙන ඇත.
පළිගැනීමක් ලෙස මෙසේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හුවා දක්වමින් ස්වසනාධාර සහිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සති 34ක බිලිඳකු කිලෝමීටර් 32ක් දුරින් පිහිටි අවිස්සාවේල්ල මූලික රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම බිලිඳා මාරුකර යැවූ අවස්ථාවේදී තවත් දරුවන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර වෛද්‍යවරුන් නොමැති නම් එම දරු දෙදෙනා රඳවාගෙන එක් බිලිඳෙකු පමණක් මාරු කර යැවීමට පියවර ගත්තේ කුමන හේතුවක් නිසාදැයි රෝගීහු ප්‍රශ්න කරති.
දැඩි සත්කාර ඒකකයට අනුයුක්ත සාමාන්‍ය වෛද්‍යවරුන් පස්දෙනාගේ සේවය නොපිරිහෙලා ඉටු කිරීමට කැමැත්ත පළ කර ඇති පසුබිමක වෛද්‍ය හිඟයක් බව පවසමින් බිලිඳකු මාරු කර යැවීම රෝහල තුළද දැඩි කතාබහට ලක්ව ඇත.
මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදු කිරීමට මැදිහත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර වහාම අවශ්‍ය පියවර ගන්නැයි රෝගීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රෝහලේ වලිය බිළිඳකු පිටින් යවලා
C.K.Lankaputhra Friday, 30 June 2023 07:39 AM
වෛද්‍ය වරුද? වෛද්‍ය හොරුද? ඔක්කොම කැඳ හැලියක්. රටට වෙච්චි දෙයක්...
නිහාල් Friday, 30 June 2023 12:52 PM
බලධාරීනුත් ඒ ගොඩේම තමයි
Ishara Friday, 30 June 2023 08:08 PM
හේතුව තමා, එක් වෛද්‍යවරයෙකුට අමාරු දරුවන් තුන් දෙනෙකු බලා ගැනීමට නොහැකි වීම...