IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රෝසිගේ පෙත්සම විසිවේ

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ සියලු අපේක්ෂකයන්ගේ මනාප ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලමින් හිටපු ඇමැතිනි රෝසි සේනානායක මහත්මිය ගොලු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම අද ප්‍රතික්ෂේප කළේය.

මනාප ඡන්ද ගණනය කිරීමේදී කිසිදු අක්‍රමිකතාවක් හෝ දූෂණයක් සිදුවී නැතැයි සියලු ඡන්ද පොළ නියෝජිතයන් පිළිගෙන තිබෙන බවත්, ඒ බව තහවුරු කිරීමට ඔවුන් විසින් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් නීතිපතිවරයා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දැන්වූහ.



අදහස් (0)

රෝසිගේ පෙත්සම විසිවේ

චානක් ලොස්ඇන්ජලිස් Monday, 16 May 2016 03:20 PM

ධාරානිපාත වැසි වැටීලා ජනතාව ඉතා අසරන භාවයට වැටිලා ඡන්ද පෙත්සම් නොවෙයි. (ර)

:       0       0

අමල් Monday, 16 May 2016 04:38 PM

මමනම් හීනෙකින්වත් හිතුවේ නැහැ. (ර)

:       0       0

සත්‍යයා Monday, 16 May 2016 08:28 PM

රෝසි පරාජය වූ එක ගැන සතුටුවෙන බොහෝ අය ඉන්න බව අපි දන්නවා (නි)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 17 May 2016 07:55 AM

අපි දන්නවා රෝසි හිටපු මන්ත්‍රීවරිය ජනතාවාදී චරිතයක් කියලා. පොඩ්ඩක් ඉන්න නෝනා, අවස්ථාවක් ලැබෙයි (නි)

:       0       0

ඇලෙක්ස් Monday, 16 May 2016 11:40 PM

මනාප ක්‍රමයම මංකොල්ලයක්! මේ ක්‍රමයේදී කාන්තාවන්ගේ සංවිධාන ශක්තිය ඉහළින්ම තිබිය යුතු ය. නැත්නම් පුරුෂ ආධිපත්‍යය සියල්ලම ග්‍රහණය කර ගන්නවා. (කෞ)

:       0       0

සංජීව Tuesday, 17 May 2016 08:21 AM

තමන් ගැන අධිතක්සේරුවකින් හිටියහම ඔහොම වෙනවා. දැන් අවංකව පොළවේ පය ගහලා වැඩ කරන්න. මිනිස්සු ඊළඟ පාර එ්ක සළකලා බලයි. (නි)

:       0       0

සජිත් Tuesday, 17 May 2016 12:50 AM

පව් නේද රෝසි මහත්මිය? (නි)

:       0       0

කිත්සිරි Tuesday, 17 May 2016 01:52 AM

සත්‍යා, ඔබ හරි. කාන්තා අයිතිය වෙනුවෙන් සහ රටේ දියුණුව ගැන කතාකළා නම් ඉවරයිනේ (නි)

:       0       0

දිනේෂ් Tuesday, 17 May 2016 02:53 AM

රෝසි එළියේ වුණාට අරයා ඇතුළෙනේ. එච්චරයි වුණේ. (නි)

:       0       0

ඉම්රාන් Tuesday, 17 May 2016 08:56 AM

සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි... (නි)

:       0       0

යසපාල Tuesday, 17 May 2016 08:55 AM

මට රෝසි මහත්මිය ගැන කණගාටුයි (නි)

:       0       0

ලාල් Tuesday, 17 May 2016 03:28 AM

කලු ගලේ ඔලුව ගහ ගන්න එපා...රෝසි නෝනෝ....(ම)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 17 May 2016 04:12 AM

රෝසි පොල්ල ගෙනෙන් බල්ල මරන්න ! (බ)

:       0       0

උපාලි Monday, 16 May 2016 01:56 PM

සාධාරණව පැවැත්වූ ඡන්දයක ප්‍රතිඵලය දිනුමක් වුනත් පරාජයක් වුනත් පිළිගැනීමට මානසික ශක්තියක් තියෙන්න ඕන දේශපාලනඥයින්ට. (හේ)

:       0       0

සමන් Tuesday, 17 May 2016 05:57 AM

ඔබ තුමියට හැම අතින්ම අසදරානයි ඡන්ද 2700 ගත්ත ෆොන්සේකා උදුරා ගත්ත ඔබගේ ඇමති කම (අ)

:       0       0

සිරි Tuesday, 17 May 2016 06:00 AM

කොහේ ඉදන් රිංගුවාද අර මනුස්සයා. ඒ නිසා ඔබගේ ඇමති කමටත් තට්ටු කලා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site