IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රිලවා වගා හානි වාර්තාව අලුත් කර ගනී

(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ පළමු කාර්තුවේ  දී වනසතුන් විසින් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320ක් ලැබී ඇතැයි හෙක්ටර්  කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු  හා පර්යේෂණ ආයතනය පවසයි.

ගත වෙමින් පවතින දෙවැනි කාර්තුවෙි දී ද වගා හානි වාර්තා වෙමින් පවතින බවත් මෙම කාර්තුව අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන බව ද එම ආයතනය කියයි.

මෙම වසරේ  වනසතුන්ගෙන් සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා   දැනුම් දීමක්  කර තිබිණි.

වැඩිම වගා හානියක් කර තිබෙන්නේ රිලවුන්ය.  වල් ඌරා, මොණරා, දඩුලේනා, ඉත්තෑවා හා වදුරන් සෙසු වගා හානි සතුන් වෙි.

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරීදි  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පසුගිය වසරේ දී ගොවි ජන සේවා වසම් 464ක වගා හානි සම්බන්ධව පුළුල් විමර්ශනයක් කළේය.

එම වාර්තාව අනුවත් මෙරට වගාවන්ට වැඩිපුරම හානි කරන සත්වයා වන්නේ රිලවා බව සනාථ විය.

 පොල් ත්‍රිකෝණයයේ  පසුගිය වසරට පමණක් පොල් ගෙඩි මිලියන 200ක් රිලවුන් විසින් විනාශ කර දමා ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණ වලින් හෙළි දරව් වී තිබේ.



අදහස් (2)

රිලවා වගා හානි වාර්තාව අලුත් කර ගනී

විජේ Saturday, 01 July 2023 03:31 AM

ඔය සත්තුටික මරාගෙන කනකන් ඇමතියාට නින්ද යන්නේ නෑ..

:       2       0

K.R.P.Priyashantha Saturday, 01 July 2023 09:15 AM

හැමදාම රිලාහානි ගැන කියකියා හිටියට වැඩක් නැත. සැමදාම මගේ ඉඩමේ කෙසෙල් විනාශ කරනවා. වෙනදා පොල් වික්ක මම දැන් කඩෙන් පොල් කනවා. විසඳුම් දෙන්නේ නැතිව කියවා කියවා හිටියාට වැඩක් නැත. විසඳුමක් ලබාදෙන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site