
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන23වැනිදායින් පසු කැඳවීමට එම කොමිසම තීරණය කර ඇත.
කෙසේ වෙතත් 23න් පසු නිශ්චිත වශයෙන් කැඳවන දිනය කොමිෂන් සභාව තවමත් තීරණය කර නොමැත.
මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මුදල් නිදහස් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙසේ කැඳවන බවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ලබන 17 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස කොමිසම රනිල් වික්‍රමසිංහ මහතාට පෙරේදා දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලිපියක් යොමු කළ හිටපු ජනාධිපතිවරයා තමා සහ තමාගේ නීතිඥයන් අවුරුදු දින වල කොළඹින් බැහැරව සිටීම හේතුවෙන් එදිනට පැමිණීමේ හැකියාවක් නැති හෙයින් පෙනී සිටීමට වෙනත් දිනයක් දෙන ලෙස ඉල්ලා සිටියේය.
ලබන 23 වැනිදායින් පසු දිනයක් ලබාදීමට කොමිසම තීරණය කර ඇත්තේ ඒ අනුවය.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රනිල්ට අල්ලසට එන්න 23 න් පසු දිනයක්
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Saturday, 12 April 2025 01:56 PM
කොමිසමේ ඉන්න රංග, මාලිමාවේ හොඳ ගොට්ටෙක් තමයි...! කියනවා නම් විජේපාලගේ අසුචි වුණත් කයි !
සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 12 April 2025 02:35 PM
චාමර සම්පත්ව කෙනිත්තීම සහ රනිල් සීයාව කිතිකැවීම.
Nandana Saturday, 12 April 2025 05:58 PM
ඔබ යන්න එපා... මාලිමාවේ අයට මහින්දව ගේන්න බැහැලු... ළඟට යනවා මිසක්...
SIRI Saturday, 12 April 2025 11:26 PM
ඒ දවස් වලද හොඳ නැකත් තියෙන්නේ ?