IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


රතන හිමියෝ ෂරියා විශ්වවිද්‍යාලයේ තොරතුරු ඉල්ලති

(ඩයනා උදයංගනී)

            
මඩකලපුවේ ඉදිකෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අද (17) ගොස් ලිපියක් භාරදුන්හ.
            
උන්වහන්සේලා මෙම තොරතුරු ලබාගැනීම සඳහා පළමුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණි අතර පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධ තොරතුරු තමන් සතුව නොමැති බැවින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් විමසන්නැයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම දැනුම් දී තිබිණි. 
            
ඉන් අනතුරුව රතන හිමි ප‍්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් එහි අතිරේක ලේකම්වරයෙකු වෙත තොරතුරු ඉල්ලීමේ ලිපිය භාර දී තිබේ.
            
පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ කටයුතු සිදුකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වෙනම අංශයක් කෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටුවා ඇති බව එම අතිරේක ලේකම්වරයා උන්වහන්සේලා වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව හෙට (18) උදෑසන එම අංශයටද ගොස් තොරතුරු ඉල්ලීමට බලාපොරොත්තු වන බව රතන හිමියෝ කීහ. 
            
දැනට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ ක‍්‍රියාත්මක වන රජයේ විශ්වවිද්‍යාලවලට අමතරව මඩකලපුව ප‍්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අනුමැතිය දී තිබේද, එසේනම් අනුමැතිය ඉල්ලුම් කළ පුද්ගලයා හා ආයතනය, එම විශ්වවිද්‍යාලයේ නම, ඒ වෙත භූමිය ලබාගෙන ඇති ආකාරය, මුදල් සම්පාදනය කරගන්නා ආකාරය සහ එයට දැනට ලැබී ඇති මුදල, විශ්වවිද්‍යාලයේ පාලන ව්‍යුහය හා එයට ප‍්‍රධානීන් පත්කරන ආකාරය, එහි ස්ථාපිත කෙරෙන පීඨ සංඛ්‍යාව සහ ලබාදීමට යෝජිත උපාධි, විභාග පැවැත්වෙන ආකාරය ආදී තොරතුරු රැසක් රතන හිමියන් ඉල්ලා තිබිණි.
            
ජාතික සංඝ සම්මේලනයේ සභාපති රජවත්තේ වප්ප අනුනාහිමි, ලේකම් කට්ටකඩුවේ සුමනරතන හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (11)

රතන හිමියෝ ෂරියා විශ්වවිද්‍යාලයේ තොරතුරු ඉල්ලති

කපිල Monday, 17 June 2019 05:28 PM

බලන් යනකොට මෙයා තමයි නියම නලුවා. අවුරුදු ගානක් අර බුල්ලා එක්ක අාණ්ඩුවල හිටියා. අඩුගානේ පත්තරේකින්වත් දැක්කේ නැද්ද මේ දේ ගැන...

:       0       0

rasika Monday, 17 June 2019 08:56 PM

වැඩේ හොදයි හාමුදුරුවනේ, හැබැයි ඉතින් අර ගස් කපපු බදුර්දීන්, පකිස්ථාන සරණාගතයෝ , මාද්‍රසා පාසල් වගේ දේවල් ගැනත් කතා කරන්න.

:       150       113

rasika Monday, 17 June 2019 09:03 PM

රතන හාමුදුරුවෝ ආණ්ඩුවෙන් එලියට බැහැලා නැවත සිංහල ඡන්දටික එකතුකරගෙන මේවගේ සිංහල බෞද්ධ විරෝදී ආණ්ඩුවකට සහයෝගය දුන්නොත් ඒ පව ඔබවහන්සේට බොහෝ ආත්ම ගණනක් ගෙනියන්න වේවි.

:       124       164

lankasri Monday, 17 June 2019 09:35 PM

හොයාගෙන හොයාගෙන යනකොට ඕක ඇත්තටම ඇත්තේ කටාර් රටේ තමයි.

:       1       7

Sena Tuesday, 18 June 2019 12:56 AM

දැන් බබාවෙන්න හදනවා. ඕක පටන් ගත්තෙ අප්පච්චිගෙ කාලෙ.. එතකොට රතන හිමියෝ හිටියෙ ඒගොල්ලොත් එක්ක. එතකොට හිස්බුල්ලා ඇමතිකෙනෙක්.

:       90       171

sudath Tuesday, 18 June 2019 02:15 AM

හොඳ උත්සහයක් , අගය කල යුතුය

:       131       109

[email protected] Tuesday, 18 June 2019 02:42 AM

ලංකාවට විශ්වවිද්‍යාල එන එක ප්‍රශ්නයක්ද ? මොන ජාතියක් වුණත් මොකද. ලංකාවට විදේශ විනිමයක් එනවනම්. අරාබි විදියට හදලලු. එහනෙම් ලංකාවේ අනිත් විශ්වවිද්‍යාල හදල තියෙන්නේ ඉංග්‍රීසි විදියට නේ. රට ඉඳි ගස් වවල ලු . අනේ අම්පා. !!

:       1042       901

NuwanTuesday, 18 June 2019 04:47 AM

විවෘත්ත මනසකින් හිතන්න බැරි විදියට පටු ආගම් පොත්වලට හිර උනාම ඔහොම තමයි හිතන්නේ.

:       210       140

somawanshaTuesday, 18 June 2019 04:51 AM

ලංකාවේ ජීවත් වන හැම දෙනාටම නොවෙයිනේ ඔය ෂරියා විශ්ව විද්‍යාලය. ඒක මුස්ලිම් අයට. අපේ පාසල් විශ්ව විද්‍යාල සේරටම ඕපන් ,එයාල කරන්නේ එයාලගේ අයට ....!!! නිකම් බොරුවට නොදන්නා කතා කියන්න එපා අනික තමුන් ඉන්නෙත් කඩේ යන්නෙත් මැදපෙරදිග රටකටනේ ...!!!

:       177       264

a.b. srila Tuesday, 18 June 2019 05:06 AM

ඇත්තටම ප්‍රස්නේ තියෙන්නේ මඩකලපුවේ ඉදිකෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන නොවෙයි. එහි අරමුණ ගැනයි. එහි උගන්වන දෑ ගැනයි. එයට අරමුදල් සම්පාදනය කරගත් විදිය ගැනයි. ලොව පිළිගත් අධ්‍යාපනයක්, රටට අදාල නීතියක්, ලොවම පිළිගත් ආගමක්, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට පිළිගත් ක්‍රම වේදයකට උගන්නනවන්ම් ගැටළුවක් නෑ. එහෙත් ඒ කිසිවන් නොමැතිව කරන අධ්‍යාපන සංස්කෘතික හා නීතික රාමුව වනසන මෙවෙනි සරසවි කුමට ...

:       64       212

Sujit Alahakoon Tuesday, 18 June 2019 05:31 AM

ත්‍රිපිටකයේ මුලික හරය ගැන හෙව්වානම් නරකද ...

:       111       170

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 216 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 716 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 137 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site