IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

                  
(අජිත්ලාල් ශාන්තඋදය)
 
රත්නපුර මහ රෝහලේ වාට්ටු අංක හයේ සේවය කළ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක්කිරීම හේතුවෙන් එම වාට්ටුව ද තාවකාලිකව වසා දැමූ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා අද(31)දා පැවසුවේය.

ඒ අනුව මේ වනවිට රත්නපුර ශිෂක්‍ෂණ මහ රෝහලේ අංක 06 සහ අංක 24 යන වාට්ටු දෙකම වසා ඇති අතර ඒවායේ කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක්කර ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා කීවේය.
 
වාට්ටු සහ උපකරණ විෂබීජහරණය කිරීමේ කටයුතු සිදුකර ඇති අතර වසා දැමුණු වාට්ටු කඩිනමින් විවෘත කිරිමට පියවර ගන්නා බව ද හෙතෙම කීවේය.
 
හදිසි අනතුරක් හේතුවෙන් හයේ වාට්ටුවට දින කිහිපයකට පෙර ඇතුළත් කළ රෝගියෙකු ආසාදිත බවට තහවුරුවී තිබිම නිසා ඔහුට ප‍්‍රතිකාර කළ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක්කළ බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.
 
පැල්මඩුල්ල ප‍්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙක් හෘදයාබාධ සහ වකුගඩු රෝගී තත්ත්වය මත රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ කළ පීසීආර් පරීක්‍ෂණයකින් පසු කෝවිඞ් ආසාදිත බව තහවුරුවූ අතර ඔහු රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඊයේ(30දා) මියගිය බවද රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා සදහන් කළේය.
 
දැඩි අසාධ්‍ය තත්ත්වයනේ පසුවු එම රෝගියා කෝවිඞ් ආසාදිතයෙක් වූ නිසා වෙනත් රෝහලකට මාරු කිරිමට තරම් සනීප තත්ත්වයේ නොසිටි බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය. ඔහුගේ අවසන් කටයුතු කෝවිඞ් ආසාදිතයෙකුගේ අවසන් කටයුතු කරන ආකාරයට අද  ආදාහනය කරන බවද රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා කීවේය.



අදහස් (0)

රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 385 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site