(ටී.කේ.ජී.කපිල සහ යොහාන් බාසුර)
පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ බවට පැමිණිළි 53 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබී තිබූ කාන්තාවක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (30 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .ඇය 44 හැවිරිදි කොළඹ , බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇය රැකියා අපේක්ෂකයන් විශාල පිරිසක් පෝලන්තයට යවන බව පවසා මෙම මුදල් සහ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස ළග තබා ගෙන සිට ඇති අතර ඇය විසින් පවත්වා ගෙන ගිය රැකියා නියෝජිත ආයතනය මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තහනමකට ලක් කර තිබුණි .
ඇයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් පැවති අතර , ඇය අද (30) අලුයම 03.00 ට පමණ ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
පසුව මෙම කාන්තාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ භාර ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන කළමනාකරු කපිල කරුණාරත්න මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ විමර්ශන නිලධාරීන් වන ඉදුනිල් පුෂ්පකුමාර සහ එම්.කේ. සුමනවීර යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රට යවන බව පවසා මුදල් වංචා කළ කතක් ගුවන්තොටුපොළින් අල්ලයි