IMG-LOGO

රාජ්‍ය ඇමති රොෂාන් මැයි 01දා අස්වෙයි

අප්‍රේල් මස අවසන් වීමට පෙර ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට රජයට නොහැකි වුවහොත් තමන් මේ වනවිට දරණ පළාත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි පළමුවැනිදා ඉල්ලා අස්වන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දන්වයි.

රසායනික පොහොර භාවිතය නතර කිරීම නිසා වගා හානි වූ සහ අස්වැන්න අඩු වූ ගොවීන් මේ වනවිට අන්ත අසරණව සිටින බවත් ඔවුන්ට ලබා දෙන බවට පොරොන්දු වූ වන්දි අලුත් අවුරුදු සමයට පෙර හෝ අප්‍රේල් මස අවසන්වන්නට පෙර ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා සිය ලිපියෙන් දන්වා සිටියි. එසේම ගොවි ජනතාවගෙන් ලබාගත් අදහස් සහ යෝජනා එක් කළ කරුණු 06 ක් ද මේ ලිපියෙන් රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ. හානි වූ වගාවන් සඳහා වන්දි ලබා දීම සහ ඉදිරි යල කන්නේ දී කාබනික හා රසායනකි පොහොර 50% බැගින්  භාවිතයට අවසර දීම ඇතුළු කරුණු රැසක් මෙයට ඇතුළත්ය.

කාබනික පොහොර භාවිතය පිළිබඳ තීන්දුවෙන් මුළු රටේම ගොවීන් අසරණ වූ බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියත් එය නොලැබුණු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සිය දීර්ඝ ලිපියේ දක්වා තිබේ. 



අදහස් (9)

රාජ්‍ය ඇමති රොෂාන් මැයි 01දා අස්වෙයි

යෝගා Saturday, 02 April 2022 01:19 PM

දැන් මොන කැටයම් දැම්මත් ඔයත් ෆේල් වෙලා ඉවරයි...!

:       4       63

Kumara Saturday, 02 April 2022 02:04 PM

තාම කෑවෙ නෑනේ... ඇයි හදිස්සි...!

:       2       39

de silva Saturday, 02 April 2022 02:15 PM

අස්වීමේ ලිපිය අදම බාරදීලා, පොහොර නොදුන් නිසා මම අස්වුණා කියලා ගෙදර ඉස්සරහ විශාල බැනර් එකක් දමාගන්න. නැතිනම් හෙට අනිද්දා වෙනකොට මිනිස්සු ගෙදරට ඇවිත් ගල් ගහවි. මොරටු සමන්ට ඊයේ ගල් ගැහුවා.

:       9       28

ravin Saturday, 02 April 2022 02:41 PM

එනපොට හොඳ නැහැ. කෙල්ල ගෙට ගනින් කිව්වලු නේද? හොර මැරකම් කරන සියලු දෙනාගේ කාලය අවසන් වේගෙන එන්නේ. දරු පවුල රැකගෙන තමතමන්ගේ කටයුතු රැකබලා ගැනීම වඩාත් සුදුසු වේ... නේද?

:       1       25

දාස Saturday, 02 April 2022 02:46 PM

මේවා සංදර්ශන.. මේවාට මිනිසුන් රැවටුණු කාලේ ඉවරයි කොල්ලෝ...!

:       1       26

de silva Saturday, 02 April 2022 02:53 PM

දැන් ජොගින් පාත් හදන්නේ නැද්ද?

:       1       27

SunilSaturday, 02 April 2022 04:20 PM

ගරුතර මහා සංඝරත්නයේ කාලෝචිත මැදිහත්වීම නොවන්නට ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයත් විනාශයි. සංඝරත්නයට අපේ ගෞරවපූර්වක ස්තුතිය...!

:       1       26

Pavithra Saturday, 02 April 2022 05:35 PM

ඔයා අස්වෙන්න එපා අනේ...!

:       2       12

Lalith M Saturday, 02 April 2022 08:50 PM

පරාක්‍රම සමුද්‍රය වටේ දුවන්න වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site