IMG-LOGO

රාජ්‍ය ඇමැති ඩයනා ජනපතිට ගතු කියයි

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට ඉඩ නොදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉකුත් දා ප්‍රකාශ කර ඇත.

කැබිනට් අමාත්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ගේ විශේෂ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් සදුදා පැවති අතර, ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට කැබිනට් අමාත්‍යවරුන් එම අමාත්‍යාංශ වල විෂයන් බෙදා දී නොමැති බවද ඇය එහිදී ප්‍රකාශ කර ඇත.

තමාට පමණක් නොව ,ආණ්ඩුවේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් බහුතරයකට මේ ඉරණමට මුහුණදීමට සිදුව ඇතැයි ද ඇය පවසා ඇත.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම ප්‍රකාශය කරද්දී,සංචාරක විෂය භාර කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එම සාකච්ඡාවේ සිට ඇතැයි වාර්තා වේ.

 



අදහස් (5)

රාජ්‍ය ඇමැති ඩයනා ජනපතිට ගතු කියයි

සල්ලි Saturday, 03 June 2023 03:08 PM

දේශපාලන අභ්‍යන්තරයේ ප්‍රශ්න මහජන මනසට බලෙන් පෙවීම තරයේ හෙලාදකිමි.

:       0       1

Sunil Saturday, 03 June 2023 03:38 PM

මෙයාට කරන්න පුළුවන් වැඩක් නැහැ...!

:       0       1

Channa Saturday, 03 June 2023 04:17 PM

රටට දැයට සේවය කරන්න ඇමැතිවරු පොරකති. වෙනත් රටවල ඇමැතිවරු කෙල ගන්නේ කොමිස් කුට්ටියට...

:       0       1

ගජමිතුරු Saturday, 03 June 2023 04:55 PM

එහෙනම් ජනතා මුදල් නාස්තිවීමට ඇමැතිවරු වගකිවයුතුයි නේද? එහෙම නැත්නම් කැබිනට් එකේ නායක ලෙසට ජනාධිපති රාජ්‍ය ඇමැතිලා පත්කර කරන්නේ අපරාධයක් නොවෙයි කියන්න බැහැ නේද?

:       0       0

පැරකුම් Sunday, 04 June 2023 11:10 AM

ඉතින් ඔය වැඩ නැති (බැරි) රාජ්‍ය ඇමැති ටික අයින් කරලා දැම්මා නම් මේ වෙලාවේ අපට කීයක් හරි ඉතිරි කරගන්න පුළුවන් නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 502 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site