IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රජයට එරෙහි පෙත්සම විභාගයට අවසර

දැනට පවතින ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූළ වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසත් , පත් කර සිටින ඇමැතිවරු , රාජ්‍ය ඇමැතිවරුන් , සහ නියෝජ්‍ය ඇමැතිවරු පත්වීම බලරහිත කරන ලෙස  ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධිත පෙත්සමක් ලෙස ඉදරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) අවසර ලබා දුන්නේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විමලධර්ම අභයවික‍්‍රම මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සම ඉදරිපත් කරන අවස්ථාව වන විට පැවති කැබිනට් මණ්ඩලය මේ වන විට වෙනස් වී ඇති බැවින් අලූතින් කැබිනට් මණ්ඩලයට එක්වූ සාමාජිකයින්ගේ නම් ඇතුළත් කිරීමට අවසර දෙන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම අවසරය දෙන ලදී.

පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ විනිසුරු උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

අධිකරණය හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාර නීතීඥවරුන් දන්වා සිටි අතර විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ එම සංශෝධිත පෙත්සම මුල් නඩු ගොනුවට ඇතුළත්ව නොමැති බවය.

පෙත්සම ජුනි මස 03 වැනිදාට පෙර ගොනු කරන ලෙස නියම කරන ලදී.



අදහස් (0)

රජයට එරෙහි පෙත්සම විභාගයට අවසර

උපාලි Monday, 16 May 2016 02:52 PM

නඩු කියන තරමට නීතිය පිරිසිදු වෙනවයි කියනවනේ. ඒ හින්ද මෙහෙම නඩු එන එකත් හොඳයි. (ර)

:       0       0

නන්ද Tuesday, 17 May 2016 04:44 AM

මෙය ඉතාම වැදගත් නඩුවක් (බ)

:       0       0

අතුකෝරල Monday, 16 May 2016 01:04 PM

නීතිය අපිට විස්වාසයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site