දෙහිවල මිහිඳු මාවතේ නිවසක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබූ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා අද (16) නියෝග කළේය.
පෙර නිකුත් කළ නොතීසියක් මත යෝෂිත රාජපක්ෂ අද අධිකරණයේ පෙනී සිටි අතර නඩු විභාගය ලබන අගෝස්තු 11 වැනිදාට කල් තැබිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යෝෂිතට ඇප
කේෂලා අමන්දා Thursday, 16 June 2016 07:58 AM
කොමිසමට යනවා ඊලග දවසේ ඇප හම්බ වෙනවා. (ර)
ද සිල්වා බෙර්ලින් Friday, 17 June 2016 02:35 AM
ගමේ පියදාස පොල්ගෙඩියක් හොරකම් කළ සැකයට අධිකරණයට ඉදිරිපත් කළා නම් දවස් 14 ඇතුළේ. මේ මාළිගය හදන්න මුදල් ලැබුන ආකාරය පෙන්වන්න පුලුවන් නම්, මේ ගැන කිසිම සැකයක් නැත්නම් මෙයා නිදහස් කරන්න. සැක නම් රිමාන්ඩ් කර නඩුව විභාග කරන්න. නීතිය යටතේ සියලු පුරවැසියන් එක සමානය (නි)
තිළිණ Friday, 17 June 2016 03:11 AM
හිතේ බයක් නැති නිසා තමයි මෙයා හිනාවෙලාම ඉන්නවා ඇත්තේ (නි)
තිලකසිරි Friday, 17 June 2016 03:09 AM
හැරෙන තැපෑලෙන් අැපත් ලැබෙනවා. ඉතින් බයකුත් නැහැනේ (නි)
තිලක් Friday, 17 June 2016 03:10 AM
සමහහරුන්ගේ නම් එකම විනෝදාංශය මහජන මුදල් හොරාකෑමයි. (නි)
පිටිගල Friday, 17 June 2016 03:37 AM
හොරකම් කළා නම් ඒ සල්ලි හොරුන්ගෙන් ආපහු අය කර ගන්නවා වෙනුවට ආණ්ඩුව බදු ගහලා ජනතාවගෙන් ඒවා අය කර ගන්නවා. හොරකම් කළ ඇත්තෝ හිනාවෙවී ඇවිත් ප්‍රකාශයක් සටහන් කරලා ගෙදර යනවා. මම නම් පුද්ගලිකව මේ ජනතාව රවටන ඩ්‍රාමා එක හෙළා දකිනවා. (බ)
ගුණවර්ධන Friday, 17 June 2016 04:41 AM
ඔක්කොම අදහස් බොහොම අගෙයි. (ර)
පිටිගල මිලානෝ Thursday, 16 June 2016 09:38 AM
වැරදිකරුවන්ට ඉක්මනින් දඬුවම් කරන ක්‍රමවේදයකට යන්න. (ර)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 17 June 2016 06:57 AM
තාත්තා පිට රට...පුතා ඇප මත !!! එයා ආපහු ආවම, බේබිත් එක්ක කළු ලෝගු වල දුවිලි ගසා දමා ඇඳ ගෙන උසාවි යන්න සුදානම් වේවි !! (බ)
කුමාර් Thursday, 16 June 2016 11:12 AM
ක්‍රමයක් තිබ්බානම් ලංකාවේ මිනිස්සු දේශපාලකයෝ වැරදි කරන්නේ නෑ (හේ)
චතුරි Thursday, 16 June 2016 12:21 PM
බාප්පලා, පුතාලා රටේ දේපල තමන්ට කැමති ප්‍රදේශයෙන් අරගෙන මාළිගා හැදුවා. මේ සියල්ලක්ම රාජසන්තක කරන්න ඕනෑ. නැත්නම් ඉදිරියටත් මේ වගේ දේවල් කරනවා (නි)
ගයාන් Thursday, 16 June 2016 02:47 PM
පිටිගල මිලානෝ ..ඔයාට පරම්පරාවෙන් හම්බුන දේපල වලට උසාවි ගෙනිහින් හිරේ දාන්න ඕනද ? නිකන් මෝඩයෙක් වගේ වෛර කරන්න එපා .ඔය කැමති පක්ෂයකට කඩේ යන්න (බ)
ධම්ම Thursday, 16 June 2016 05:16 PM
ශරීර ඇප සහ මුදල් ඇප සඳහා ඉදිරිපත්වීමේ සමාගමක් හැදුවා නම්, අන්න නියම ව්‍යාපාරයක්. (නි)
අරුණ Thursday, 16 June 2016 06:37 PM
සීසීටීවී කැමරා වලින් සාක්කි ගන්න බැරිද? (නි)
විද්‍යා Thursday, 16 June 2016 07:08 PM
ලක්ෂ 10 මොකක්ද මෙයාලට? බරපතල වැඩ ඇතුව දඬුවම් දුන්නා නම් හරි (නි)