යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් (82) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් බැඳුම්කරයක් මත අද (26) මුදා හැරියාය.
ගල්කිස්සේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇය එෆ්සීඅයිඩියට නොපැමිණි බව එෆ්සීඅයිඩිය මීට පෙර අධිකරණයට දන්වා සිටි අතර ඇය අද උසාවියට පැමිණියාය.
නීතිඥවරුන් සමග අද (26) ඇය අධිකරණයේ පෙනී සිටියාය. නීතිඥවරුන් කියා සිටියේ ඇගේ සෞඛ්‍ය තත්ත්වය අනුව අගෝස්තු 31 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට හැකිවනු ඇති බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යෝෂිතගේ ආච්චි උසාවියේ
ලක්ෂි Friday, 26 August 2016 07:02 AM
සමහර අය දුක්විඳින්නෙ තමන් කරපු වැරදි නිසා නෙමෙයි, තමන්ට අදාල හෝ නොවන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් නිසා. (බ)
සමන් Friday, 26 August 2016 07:03 AM
රට කළවුන්ගේ වැරදි නීත්‍යානුකූලව තහවුරු කර කඩිනම්ව දඩුවම් දීම යෙහෙකි. මේ රගමඩල දැන් දැන් එපාවෙමින් පවතී. ඔප්පු කළද නැතද ඔවුන් නිසි ලෙස කටයුතු නොකළ වග රට වැසියෝ දනිත්. එය නීතියේ රැහැනින් සාක්ෂාත් කළ නොහැකි නම් සැකයෙන් තොරව තහවූරු කිරීමට සාක්‍ෂි නැතැයි කියා මේ නීතිමය ක්‍රියාමාර්ග වසා දමනු මැනවි. (බ)
වරුණ Friday, 26 August 2016 07:07 AM
මේකත් හරියට ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේනේ..(බ)
ප්‍රසන්න Friday, 26 August 2016 07:17 AM
අනේ ආච්චියේ මොකද වුනේ.(හේ)
හෆීල් Friday, 26 August 2016 07:19 AM
මේ පුතුන් කරපු ක්‍රියාව නිසා අහිංසක ආච්චිටත් නිදහසක් නෑනේ. (හේ)
සිරිල් Friday, 26 August 2016 07:41 AM
ඔව් මුනුබුරාගේ වරදින් (බ)
සුමිත් Friday, 26 August 2016 08:14 AM
විජේපාල ඔයා එහෙම කිව්වට ආච්චි කොච්චර වාසනාවන්තද , මැණික් මල්ලක් ම ලැබිල තියෙන්න වයස ගියා වුණත් , අපිට කවුද ටීක් බොලයක්වත් නිකං දෙන්න ඉන්නේ (බ)
පිටිගල Friday, 26 August 2016 08:35 AM
මේවා හොරකම් නෙවෙයිද? ඇත්ත අම්මව ගෙදර තියලා බොරු අම්මව ප්‍රින්සිපල් ගාවට ගෙනියනවා වගේ.(හේ)
ලංකාසිරි Friday, 26 August 2016 08:57 AM
අන්තිමේ බලනකොට ආච්චිගේ රෙද්ද තමයි ඉතුරුවෙන්නේ මේගොල්ලන්ට. (බ)
ප්‍රියන්ත Friday, 26 August 2016 09:12 AM
මේවට කොමෙන්ට්ස් ලියන අය කවදාවත් වෙරදී කරලා නෑ වගේනේ (බ)
ප්‍රියා Friday, 26 August 2016 09:26 AM
ප්‍රියන්තට තරහ ගිහිල්ල තියෙන්නේ එයත් ඩේසි ආච්චිගේ මුනුපුරෙක්ද දන්නේ නැහැ (බ)
මොහොමඩ් Friday, 26 August 2016 09:47 AM
ප්‍රභූ පවුලක ඉපදෙන එකට වඩා අපි මේ ගෙවන දුප්පත් ජීවිතේ දාහෙන් සම්පතයි (නි)
ක්‍රිස් Friday, 26 August 2016 10:46 AM
අනේ මන්දා, මේ මිනිසුන්ට වයසට ගිහිල්ලත් සැනසීමෙන් ඉන්න නොලැබෙන හැටි (නි)
විජේපාල Friday, 26 August 2016 06:33 AM
අනේ පව් අහිංසක ආච්චි. මුනුබුරාලගේ වැරදි නිසා අහිංසක ආච්චිටත් උසාවි යන්න වුනා. (බ)
කලන Friday, 26 August 2016 06:37 AM
මේ මනුස්සයින්ට මෙතරම් සල්ලි මොකටද? දුප්පත් මනුස්සයෙක් ගතකරන ජීවිතය කොයි තරම් අහිංසකද? (බ)
තිලක්-ඩුබායි Friday, 26 August 2016 06:39 AM
මුණුබුරෝ රටේම තිබෙන ඉඩම් නිවාස මේ ආච්චි නමටයි ලියල තිබෙන්නේ.මේ ආච්චි අධිකරණයේදී පිළිගත්තොත් මට කිසිම දෙයක් නැහැ. මම දන්නෙත් නැහැ කියල එච්චරයි. (බ)
විරාජ් Friday, 26 August 2016 06:49 AM
ආච්චි අම්මේ බොරු බූත කතා කියන්නේ නැතුව ඇත්ත කියන්න, අනුන්ගේ වැරැද්දට උසාවි බඩගාන්න වුනාට කණගාටුයි. අන්තිම කාලේ බොරු කියල පව් පුරෝ ගන්න එපා (බ)
ගයාන් Friday, 26 August 2016 06:59 AM
බණක් භාවනාවක් කරගෙන ඉන්න තිබ්බනේ.(හේ)