IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


යතුරුපැදිය තාප්පයේ ගැටී දෙදෙනක් මරුට

මියගිය දෙදෙනාගේ  ජායාරූප

(පී ශාන්ත බණ්ඩාර)

තිදෙනෙකු ගමන් ගත් යතූරැ පැදියක් අනාරක්ෂිතව අධික වේගයෙන් ගමන් කිරීමේදී පාලනය කර ගත නොහැකිව තාප්පයක ගැටීමෙන් එහි ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල සහිතව මාවනැල්ල මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව මාවනැල්ල පොලීසිය පැවසිය.

මෙම අනතුරින්  මිය ගොස් ඇත්තේ  මාවනැල්ල අම්බුලුගල පදිංචිව සිටි  හෙට්ටිගෙදර සමිත බණ්ඩාර (24) මාවනැල්ල අම්බුලුගල  අක්කර 10 පදිංචිව  සිටි ලේකම් රාල්ලාගේ ප්‍රියන්ත බණ්ඩාර (21) දෙදෙනාය.

අමිබුලුගල පදිංචි තුෂාර භාතිය ප්‍රේමරත්න බරපතල තුවාල ලබා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

මොවුන් තිදෙනා මාවනැල්ල නගරයේ ඊයේ (20) පැවැති  සංගිත සංදර්ශනයක් නරඹා  හිස් වැසුම් පවා නොමැති  එකම යතුරු පැදියක  අධික වේගයෙන් ඔවුන්ගේ නිවෙස් කරා රාත්‍රි  9.30 පමණගමන් කිරීමේදී යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව  වැලි ගල්ල ප්‍රදේශයේ නිවසක තාප්පයක  ගැටී ඇත.

යතුරු පැදිය ගැටෙන ශබ්දය අසා එම ස්ථානයට පැමිණි අසල්වාසීන් විසින්  තුවාලකරුවන්  රෝහල වෙත  ගෙන ගොස්  ඇති අතර  ඇතුල් කිරීමටත් පෙර  දෙදෙනෙකු  මිය ගොස් සිටි බවද පොලීසිය පැවසීය.

මාවනැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත කලූආරච්චි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් රත්නායක මහතා විසින් පරීක්ෂණ සිදු කරයි. පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිතය.



අදහස් (0)

යතුරුපැදිය තාප්පයේ ගැටී දෙදෙනක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 741 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site