IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මේ ක්‍ෂේත්‍රය දිහා සමහර අය වැරදි විදිහට බලනවා

2016-08-23-ent-87

ඉන්දීය සුරූපිනියක නොවූණද ඇගේ රූපය ඉන්දීයානු සම්භවයක් සහිත යුවතියකගේ පෙනුමට සමානය. නිරූපණයට පැමිණ කෙටිකාලයක් වුවද ඈ ඒ පිළිබඳ හැදෑරීමට මෙන්ම නිරූපණය තුළ ජීවත්වීමට කැමැත්තක් දක්වන්නීය. කෞෂල්‍යා රෝෂිනි නම් වන ඇය "සාරවිට" හැඩකිරීමට මෙලෙසින් සම්බන්ධ කරගත්තෙමු.

 

ඔයා ගැන පොඩි හැඳින්වීමක් කළොත්?

2016-08-23-ent-89මගේ නම කෞෂල්‍යා රෝශිනි. මගේ පවුලේ එකම දරුවා මං. දැනට නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. ඉදිරියේදී රංගනයටත් දායක වෙන්නේ බලාපොරොත්තු වෙනවා.

 

නිරූපණයට එකතු වෙන්නේ කොයි කාලේද?

දැනට මං මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු එකහමාරක් පමණ වෙනවා. මෙකෙත් ඒ ගමන ගැන ගොඩක් සතුටු වෙනවා.

 

නිරූපණය ගැන මොකද හිතෙන්නේ?

නිරූපණ ක්ෂේත්‍රයට අද හොඳ තැනක් හිමිවෙලා තියෙනවා. හොඳ අවබෝධයකින් වැඩ කරගෙන යනවානම් ගොඩක් හොඳයි. සමහර අය ඉතිං වැරදි ආකාරයෙනුත් බලනවා. ඒක ඉතිං සමාජයේ හැටි ඒක හදන්න බැහැනේ.

 

නිරූපණයෙන් ඔබ කැමති පැත්තක් තියෙනවාද?

මං ගොඩක් Bridle පැත්තට තමයි කැමති.

 

මියුසික් වීඩියෝ පැත්තට දායක වෙලා නැද්ද?

දායක වෙලා තියෙනවා. ඉදිරියේදී දැකගන්න පුළුවන්.

 

ඇයි නිරූපණයට එකතු වෙන්නේ? පොඩි කාලේ තිබ්බ හීනයක්ද?

ඔව්. හැමෝගේම පොඩි කාලේ ඉඳන් තියෙන බලාපොරොත්තු තියෙනවානේ. මගෙත් එහෙම තිබුණු ලොකුම බලාපොරොත්තුවක් තමයි. නිරූපිකාවක් වෙන්න. ඉතිං අද ඒ බලාපොරොත්තුව මං ඉෂ්ට කරගෙන තියෙනවා. ඉතිං ඒක ගැන ගොඩක් සතුටුයි.

 

වෘත්තීමය වශයෙන් නිරූපිකාවක් වෙන්නද ආශාව තියෙන්නේ?

ඔව්. මම වෘත්තීමය වශයෙන් නිරූපිකාවක් වෙන්න තමයි කැමැත්ත තියෙන්නේ.

 

ඉදිරි කටයුතු මොනාද?

මියුසික් වීඩියෝ කීපයකටත් ආරධනා ලැබිලා තියෙනවා. රංගනය පැත්තටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වැඩකටයුතුත් එක්ක කාලය ගෙවිලා යයි.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

අනිවාර්යයෙන්ම ඔව්, මං මේක අවස්ථාවක් කරගන්නවා ඒ සඳහා. මගේ අම්මයි, තාත්තයි මගේ හැමදෙයකටම මගෙත් එක්ක ඉන්නේ. ඒ වගේම මගේ යාළුවෝ සැමදෙනාටමත් ස්තූති කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-08-23-ent-88
2016-08-23-ent-90



අදහස් (0)

මේ ක්‍ෂේත්‍රය දිහා සමහර අය වැරදි විදිහට බලනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 416 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 584 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 236 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site