IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


මෙහෙකාර සිසුවිය දූෂණය කළාට වසර 45 ක් හිරේ

(මනෝ ප්‍රිය ගුණසේකර) 

රෝගීව එක්තැන්ව සිටින සිය පියා රැකගැනීම සහ පවුල නඩත්තු කිරීමේ වගකීම මව මිය යෑමෙන් අනතුරුව කරට ගෙන නිවසක මෙහෙකාරකමට ගිය 17 වැරදි පාසල් සිසුවියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 45 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා දූෂණය කළ දැරිය ට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමට ද අද 21 නියම කළේය.

මේ වන විටත් විත්තිකරු පදිංචිව සිටි රාජගිරිය ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුට රකින් පිටව යෑම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් ද පැනවීය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස එලෙස දඬුවම් නියම කරන ලද්දේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි හිමාශ ප්‍රමින්ඩ ගනේගොඩ නමැත්තාට ය.

2003 අප්‍රේල් මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ප්‍රදේශයේදී තරුණියක් දූෂණය කළ බවට  විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේ දී දූෂණයට ලක් වූ තරුණිය අධිකරණයේ සාක්ෂි දෙමින් තමාගේ පියා ඔත්පළව නිවෙසේ එක්තැන්ව සිටින බවත් පවුල නඩත්තු කරමින් සිටි මව හිටිහැටියේ මිය මියයෑමෙන් තමන් අන්ත අසරණ තත්ත්වයකට පත්වූ බවත් පැවසුවාය.

ඔත්පළ ව සිටින පියා නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ හෙයින් පාසල් යන අතරතුර දී ම තමා රාජගිරිය ප්‍රදේශයේ නිවසක මෙහෙකාර කමට ගිය බවත්  ඒ අවස්ථාවේදී නිවසේ හිමිකරු තමා අවස්ථා කීපයකදීම දූෂණය කළ බවත් කී දූෂණයට ලක් වූ තරුණිය මේ පිළිබඳව කිසිවකුට හෝ කිව්වොත් හමුදාවය යහළුවන් ලවා තමා පැහැරගෙන යන බවට විත්තිකරු තමාට තර්ජනය කළ බව ද කීවාය.

තමා දූෂණයට ලක්කිරීමෙන් අනතුරුව ගැබ් ගැනීමෙන් වැළකීම සඳහා ඔහු තමාට උපත් පාලන ක්‍රම සිදුකළ බවද තරුණිය අධිකරණය හමුවේ හෙළි කළාය.



අදහස් (6)

මෙහෙකාර සිසුවිය දූෂණය කළාට වසර 45 ක් හිරේ

Prabha Tuesday, 21 November 2023 07:45 PM

අවුරැදු 20 වැනි කෙටි කාලයකින් නඩුව ඉවර කරල

:       0       12

Sethuhami Tuesday, 21 November 2023 10:17 PM

මේ වගේ කාලකන්නි එල්ලා මරන්න ඕන .ප්‍රසිද්ධියේ

:       0       8

Rata Perata Tuesday, 21 November 2023 10:18 PM

මොනවද මේ විහිලු .මේ ළමයා දුෂණයට ලක්වෙලා තියෙන්නේ 2003 දී.තීන්දුව එන්නේ අවුරුදු 20 කට පස්සේ .වින්දිතයා මේ දුක දරාගෙන අවුරුදු 20 ක් ඉඳලා තියනවා .හැබැයි ක්‍රිකට් අතුරු කමිටුව තහනම් කරන්න නම් පැය කීපයයි ගියේ .මුන් ඔක්කොම කාලකන්නි අපතයෝ

:       0       18

Sisira Kumara Wednesday, 22 November 2023 02:29 AM

තීන්දුවනම් මරේ මරු .ඉහලින්ම ගරු කරනවා. එත් අවුරුදු විස්සක් තිස්සේ අධිකරණය පොල් ගෑවද කියන ප්‍රශ්නය අහන්න වෙනවා.

:       0       19

Senarath Wednesday, 22 November 2023 10:19 AM

නඩුව අවුරුදු 20 ක් අහලා?අනිවාර්යයෙන්ම මේ විත්තිකරුගෙන් යම් බලපෑමක් තියෙන්න ඇති පොලිසියට නඩු නොදමා ඉන්න හෝ ප්‍රමාධ කරන්න.තවම ඒ දූෂකයා අල්ලලත් නැහැ .දූෂකයා සිද්ධිය වෙනකොට වයස 50 ක 55 ක එකෙක් උනා නම් දැන් මැරෙන්නත් ළඟ ඇති

:       0       14

manjula Wednesday, 22 November 2023 01:49 PM

දූෂණ නඩුවක් අවුරුදු 20 ක්... කවදා මේවා වෙනස් වේවිද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 298 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 143 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 376 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 736 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 563 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 671 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1190 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site