IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මූල්‍ය වංචාවකට රාජ්‍ය බැංකුවක හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රාජ්‍ය බැංකුවක ප්‍රධාන කාර්යාලය වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් 188,825,000/= මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් එම බැංකුවේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම බැංකුවේ හිටපු ණය නිලධාරියායි

එම වංචාව සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර හිටපු නිලධාරියා ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (40) ක පුද්ගලයෙකි

සාපරාදී විශ්වාසය කඩ කර වංචා කිරීම යටතේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) විමර්ශන කටයුතු සිදු කරයි



අදහස් (0)

මූල්‍ය වංචාවකට රාජ්‍ය බැංකුවක හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 152 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 357 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site