(සුජිත් හේවාජුලිගේ )
හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක 5 වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරයාගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලිය(කරන්ට්) වැදීමට සලස්වන ලදැ යි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භවී ඇත.
දරුවන් තිදෙනා පාසලෙන් එළියට රැගෙන ගොස් ඇතැයි පැවසෙන්නේ මාංචු කුට්ටම්ද දැමීමෙන් පසුවය.
මේ සිද්ධිය වී ඇතැයි පැවසෙන්නේ ඉකුත් 2 වැනිදා බදාදා දිනයේය.
සිද්ධියෙන් තුවාල ලැබූ දරුවෝ දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටිති. මින් සිසුවකුගේ ශරීරයේ පිලිස්සුම් තුවාල කිහිපයක්ම තිබී සොයා ගැනුණු බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.
පාසලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැතිවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ පස්වැනි වසරේ දරුවන් දොළොස් දෙනකු විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කිහිප දෙනකු විදුහලේ පුස්තකාල කාමරයේ රඳවා සිද්ධිය ගැන විමසමින් පහරදී ඇති බවත් එසේ පහර දීමෙන් අනතුරුව විදුහල්පතිවරයා මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතාකිරීමෙන් පසුව පොලිස් ජීප් රථයකින් එහි පැමිණි නිලධාරීන් තිදෙනකු ඉන් දරුවන් තිදෙනකු එම රථයේ නංවාගෙන විදුහලෙන් පිටතට රැගෙන ගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද සභාපතිවරයා කීවේය.
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මිල්ලනියේ විදුහලක සිසුන් තිදෙනකුට අමානුෂික පහරදීමක්
siri Sunday, 06 November 2022 09:41 PM
මේ වගේ තිරිසන්නු ඉන්න රටකද අපි ජීවත් වෙන්නේ.
රංග වීරක්කොඩි Sunday, 06 November 2022 10:15 PM
එදා ගුරුවරු ගහපු නිසා තමා අද මම හිරේ නොයා ඉන්නෙ.
Ratawasiyek Sunday, 06 November 2022 10:54 PM
නැතිබැරිකම අහින්සකයොත් හොරු කරනවා. පොඩි ළමයි පවා දැන් නැතිබරිකමින් මිරිකිලා ඉන්නේ. දැන් හැමතැනින්ම ඇහෙන්නේ මෙවැනි හොරකම්, මංකොල්ල කෑම්. අහින්සකයෝන්ට පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක උනාට බලවන්තයින් ඉස්සරහා අක්‍රියයි.
කිරිපුතා Sunday, 06 November 2022 11:49 PM
මේ තිරිසන් වැඩේට නම් විදුහල්පති , අර ගුරුවරිය සහ මන්ද මානසික පොලිස් කාරයින් යන සියලු දෙනාටම නීතිය යටතේ හෝ සමාජයෙන් දඬුවම් ලැබිය යුතුමයි.
ජයලත් Monday, 07 November 2022 05:45 AM
මේ නම් දරුවො. වසන්ත මුදලිගේට දරුව කියන උන්ට මේ තමයි දරුවො.
Koralamuttha Monday, 07 November 2022 05:45 AM
මේකට එකෙක් වත් කමෙන්ට් කරලා නෑ හැගීමක් නැතිව ඇති මේ කාගෙ උනත් දරුවො කියලා එල්ලපියව් ඔය ප්‍රින්සිපල්ව ඔක්කොටම කලින්.
LGPJ Monday, 07 November 2022 06:53 AM
That school principal behaves like a newly recruited police officer at Milleniya .!!!
විමංසා Monday, 07 November 2022 06:56 AM
ඔතරම් අඩුවයසේ දරුවන්ට හොර නම් ගෑවුනොත් හා අනෙක් දරුවො ඉදිරියේ මාංචු දැමුවොත් ඔවුන් ජීවිතාන්තය දක්වාම සමාජයට වයිර කරනවා. ඒක වැලැක්වීමට සැක්කරයාගේ පුතා වයිමාටත් බැහැ ගුරුවරියන්ගේ මුදල් පපසුම්බි පාසැල් වලදී නැතිවීම බොහෝවිට සිදුවුණත් ඔවුන් කිසිදාක ඒවා වලක්වා ගන්න ප්‍රතිකර්ම කරන්නෙ නැහැ. දැන් මට අහන්න වෙනවා ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර මහතාට ඔය තත්වයක් වුනානම් හෝ ඔබ විදුහල්පති නම් ගන්න ක්‍රියා මාර්ගය කුමක්ද කියලා.එනිසා මෙම ප්‍රශ්නය ළමයින්ගෙ පැත්තෙන් පමණක් නොවෙයි ගුරුවරියගේ පැත්තෙනුත් බලා තීන්දුව දෙන්න කියලා අදාල අයගෙන් ඉල්ලනවා
fairoos Monday, 07 November 2022 12:04 PM
ජොසප් ස්ටාලින් නිදි ද? මානව හිමිකම් යන්නේ නැද්ද?
Rohana Thilakarathna Monday, 07 November 2022 12:29 PM
අපි තවම ජීවත් වෙන්නේ වැඩවසම් යුගයේද? මේ රට කවදා හැදෙයිද? අපිට කියන්නේ තියෙන්නේ 2500ක ඉතිහාසය ගැනයි. රාවන රජ්ජුවෝ ගැනයි ඒ කාලේ ගල් කනු ගැනයි විතරයි.