
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
හිටපු අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ හතරවෙනි ආසනයේ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ළඟ අසුන් ගත්තේය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
හිටපු අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ හතරවෙනි ආසනයේ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ළඟ අසුන් ගත්තේය.
COMMENTS
රටම ගිනිතිබ්බා...!
පාර්ලිමේන්තුවට නෙවෙයි එන්න ඕනේ මහපාරට... මිනිස්සු ගෙවන දුක බලන්න.. ‘‘අපි තමයි හොඳටම කෙරුවේ...‘‘
රට විනාශ කරලා තවත් රට හදන්න ඇවිත්...!
මෙච්චර දෙයක් කරලත් කිසිම ගණනක් නැතුව ඉන්නවා..
අගමැති විතරක් නෙවෙයි, රාජපක්ෂ නඩයටමයි යන්න කියන්නේ. රටේ සම්පත් සොරාගෙන ඒවා තමතමන්ගේ පුද්ගලික ගිණුම්වලට ගොඩගසා ගනිමින් රටේ ජනතාවට අපාදුක් ගෙනදුන් මේ කණ්ඩායම රටින් පිටුවහල් කළ යුතුමයි...!
එහෙනම් අද අත්අඩංගුවට ගනීවි..
හොරකම් කරපුවා ගැන මුකුත් නැද්ද?
අත්අඩංගුවට ගන්න වහාම...
දැන් ඉතින් රනිල් මාමේ බලයේ ඉන්න කල් බය වෙන්නත් ඕන නැහැ. හමුදා කඳවුරුවල හැංගිලා ඉන්නත් ඕන නැහැ. මතකයිනේ යහපාලන යුගයේ ආරක්ෂා කළ හැටි...!
කිසිම ලජ්ජාවක් නැහැ...
රටක් ගිනිතියලා, කාලා ලැජ්ජාවක් නැතිව ආයෙත් පාර්ලිමේන්තු ඇවිත්... අල්ලා සිරගත කළ යුතුයි.
ලැජ්ජා ඇති අද දවසේ නන්දිකඩාල් කලපුව කිට්ටුව දූපතක හැංගිලා ඉන්න...
ඇඳුම් ඇඳගෙනද ආවේ...?
මෙයා දැන් ත්‍රිකුණාමලයේ ඉඳලා පාර්ලිමේන්තුවට එන්නේ හෙලිකොප්ටර් එකේ... මේවාට ලක්ෂගණන් මහජන මුදල් නාස්ති වෙනවා. වහාම මෙය හොයලා තහනම් කරන්න...!
ආවේ හෙලිකොප්ටර් එකේ නේද? ආයෙත් හිටපු තැනටම යනවද? මෙයාට හෙළිකොප්ටර් දෙන්න මෙයාගේ තනතුර මොකක්ද? සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් නේද? ඇයි ජනතා මුදල් තවදුරටත් අවභාවිතා කරන්නේ කිසිම හිරිකිතයක් නැතිව..? මේ දේශපාලකයෝ හැදෙන්නේ නැහැ, බලු වලිගේ දිග හැරුණත්...
උදේ, හවස හෙළිකොප්ටරයෙන් එන්න බැරුවයෑ...!
මේ සමහර කොමෙන්ටුකාරයින්ගේ හිතේ නීතිය තියෙන්නේ එයාලාට ඕනෑ විදිහට ක්‍රියා කරන්න කියලා. අනේ අනිච්චේ... !
මහින්ද මහත්තයා මුහුණ වෙනසක් වෙලා වගේ...
මකබෑවිලාම යන්න ඕනේ. හැමදාම යුද්ධය විකුණන් කනවා...
අත්අඩංගුවට ගන්න...
ලෝබකම් කරලා මැරුණත් පාර්ලිමේන්තු එනවා. දැන්වත් ගෙදරට වෙලා ඉන්න. තවත් රට කන්නේ නැතිව.
මා රෝහණ විජේවීර ළඟ සිටි කෙනෙකි. හැබැයි අනුර කුමාරලාත් වැඩක් නැත. දශක 75 කට පස්සේ හොඳ දැහැමි රටක් බවට පත්කිරීම සඳහා පුළුවන් මිනිසුන් මේ රටේ තව ඕනෑතරම් සිටිනවා.. කොහොම වුණත් ඔය පාර්ලිමේන්තුවේ සියලුම දෙනා අයින්වී පාර්ලිමේන්තුව හිස්කර අලුත්ම රටට හිතකර නියම ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිකිරීමට ගරු අධිකරණයට බාර දෙන්න. දැන් ඉදිරියට කිසිම කෙනෙකුගේ ජීවිත හානි නොවන සේ පොලිස්, ත්‍රිවිධ බලහමුදාවේත් සිටින්නේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝයි... කරුණාකරලා රටබාරදීලා 225ම යනදේවාලයකට දෙයියන්ගේ නාමෙට තොලොංචි වී යන්න ගියොත් රටට සෙතක් වෙයි. නැතිනම් දුර්භික්ෂ ඇතිවී මව්බිම නැත්තටම නැතිවී යයි. යනවා නම් සියලුම දෙනාට දෙවි පිහිටයි.. නැතිනම් රටේ අහිංසක ජනතාවට පමණක් බුදුසරණයි...!!!
මහින්ද මහත්තයාට ජනතාව කොයි තරම් ආදරේ කළාද? ගෞරව කළාද? ගෝඨාභය, බැසිල්, නාමල්, චමල්, ශෂේන්ද්‍ර ආදී පවුල් පාලනයට ජනතාව සහාය දූන්නේ ඔබ කෙරෙහි සැබෑ හැඟීමක්, ආදරයක්, විශ්වාසයක් ගොඩ නැගීම නිසයි. ඒ සියල්ල ක්‍රමයෙන් දියවී ගියේ ඇයි? පිළිතුරු ඔබ සතුය. යහ පාලනයෙන් බැට කෑ ජනතාව කබලෙන් ලිපට වැටෙන්නට අවස්ථාව උදාකර දී අප්‍රසාදයට පත් චරිතයක් බවට පත් වී ඇත.
මහින්ද රාජපක්ෂ මිනිසුන්ගේ යම් ගෞරවයක් ලබා තිබුණා නම්, ඔහුගේ මෑත කාලීන හැසිරීම නිසා එම ගෞරවය ඔහු විසින්ම කෙළසා ගත්තා...
හොඳ පුවතක්...!
මුලුරටට විතරක් නොවෙයි, ලෝකෙම සිටින සියලුම ලාංකිකයන්ගේ අප්‍රසාදයට ලක්වූ නායකයෙක්. පවුලේ හතර වරිගයම අය කිට්ටු කරගෙන රටම විනාශ කෙරුවා. තමුන් ගැන විශ්වාස කරලා බලයට පත්කරපු මහජනතාව මහාපාරට ඇදලා දැම්මා. රටම ගිනි ඇවිලෙව්වා...!
රටම විනාශ කරලා,ජනතාව මහපාරට ඇදලාදාපු දූෂිත පාලකයා රකින්ඩ වෙන්ටැ ආරක්ෂාව වැඩි කරලා තියෙන්නේ .
ලජ්ජාවක් නැතිව පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියන්නේ මොන වැඩක් වුණත් කරන්න පුළුවන් කියන එක. කවදාවත්ම විශ්වාස කළ හැකි පවුලක් නොවේ. පරපුරට තියෙන්නේ අමුතුම ලේ ජාතියක්...
මෙයාට කුමක් කළ යුතුදැයි කියන්න...
වැඩිකල් නොගොස් ඔබතුමාව ඕනේ වෙනවා. එතකං ඉවසන්න.