(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
ඊයේ (22 ) මධ්‍යම රාත්‍රියෙ සිට ඇද හැළුණ මහ වැසි ආනන්ද ජාතික පාසල් භුමිය ජලයෙන් යටවි යාමත් සමග සිසු දරු දැරියන්ට පාසලට පැමිණිමට නොහැකි තත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන බළධාරීන්ගේ උපදෙස් මත තාවකාලිකව පාසල වසා දැමිමට කටයුතු කළ බව විදුහල්පතිවරයා කීවේය.
පාසලේ පංති පවත්වාගෙන යාමට නොහැකි ලෙසින් ජලය පංති කාමර තුළට ගලා එමත් සමඟ පංති පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි.
ආනන්ද ජාතික පාසලේ ප්‍රාථමික හා ද්විතික අංශයෙ සියලුම පංතිවල 3200 කට ආසන්න සිසු සිසුවියන් පිරිසක් පාසල වසා දැමිම හේතුවෙන් තාවකාලිකව අධ්‍යන කටයුතු නැවති තිබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහවැස්ස හලාවත පාසලක් වහයි
අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 11:19 AM
ගුණරත්න, බකල ජයා, යෝගා එන්න අපි ආණ්ඩුවට බනිමු !
A. F. Fernando Thursday, 24 April 2025 07:16 AM
හලාවත ආනන්ද ජාතික පාසල පමණක් නොවේ හලාවත විජය විදුහලත් ගංවතුරට හසුවු නිසා 23 දා වසා දැමුවා. ඒ විතරක් නොවේ හලාවත රෝහලේ දියවැඩියා සායනය පවත්වන ෂර්ලි කොරයා ගුණානුස්මරණ ශාලාවද ගංවතුර හසුවීමෙන් ප්‍රතිකාර ගන්න ආ රෝගීන් පීඩනයට පත් වුණා. තව හලාවත හරින් කොරයා ක්‍රීඩාංගණය ද වැවක් ව තිබුණා.. නගරයේ ස්ථන ගණනාවක ද ගංවතුර ගලා නිවැසියන් පීඩනයට පත්ව තිබුණා. මේවා ඔබේ වාර්තාකරු නොදුටුවේ ඔහු අන්ධයෙකු නිසාද.