IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහියංගන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරු ගැටී 12 ක් රෝහලේ

(රංජිත් කරුණාවිර) 


‍‍මහියංගන ප්‍රා‍දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, තවත් පිරිසක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාර කරුවන් පිරිසක් මහියංගණ පොලිසිය ඉදිරිපිටදී අද (12)  ඇති කරගත් ගැටුමකින් 12 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුළු  කර ඇතැයි පොලීසිය කියයි.
.
මහියංගණ ප්‍රාදේශිය සභාවේ 2021 වර්ෂය සදහා දෙවන අය වැය ලේඛනයද පරාජය වීමත් සමඟ ප්‍රාදේශිය සභාභූමියෙන් පිටතදී පසුගියදා  08 වෙනිදා ඇති වු උණුසුම් අවස්ථාවේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ නිශ්ශන්ක වර්ණසුරිය මන්ත්‍රීවරයා හා මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම  ගජනායක මහතා අතර  උණුසුම් කථාබහක් ඇතිව පොලිසිය මැදිහත්ව ගැටුමක් දක්වා යෑම  වළක්වා තිබේ.
 
ඉන්පසු මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම මහතා විසින් ප්‍රාදේශිය සභා මන්ත්‍රී වර්ණසුරිය මහතා තමන් හට තර්ජනය කල බවට පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොණුකරනු ලැබු අතර, පැමිණිල්ල විභාග කිරිම සඳහා අද (12) සවස දෙපාර්ශවය මහියංගණ පොලිසිය වෙත කැදවා තිබිණ.
 
පැමිණිල්ල විභාග කිරිමෙන් පසු දෙපාර්ශවය  පොලිසිය ඉදිරියේ සමතයතට පත්ව ඇති අතර පොලිස්ථානයෙන් බැහැරට යමින් සිටියදී යලි ඇතිවු කථාබවහක් දුරදිග ගොස් පොලිස්ථානයේ ගේට්ටුව අභියසදී යලි පහරදීමක් සිදුව ඇත. දේශපාලන ආධාරකරුවන් රැසක්ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහුන්ද එම ගැටුමට මැදිහත්ව, පහරදීම දැඩිව සිදුව ඇත. එහිදී තුවාල ලැබුවන් ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට  ඇතුලත්ව  තිබේ.
 
 



අදහස් (1)

මහියංගන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරු ගැටී 12 ක් රෝහලේ

Rata Perata Sunday, 13 December 2020 11:40 AM

සෞභාග්‍යයේ දැක්මක්... බයියනි, කලබල නොවන්න...

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site