IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මහියංගන අනතුරින් මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද

(පාලිත ආරියවංශ සහ නිශාන්ත කුමාර)
 
මහියංගණ ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය එකම පවුලේ 10 දෙනාගේ  මෘත දේහයන්  හදිසි මරණ පරීක්ෂණවලින් පසු පවුලේ ඥාතීන්ට බාරදුන් බව මහියංගනය පොලිසිය පවසයි.

මිය ගිය 10 දෙනාගේ අවසන් කටයුතු  අද(18) කතෝලික දේවස්ථාන ගොඩනැගිල්ල වෙත රැගෙන ගොස් එහි තැන්පත් කර කිතුණු දේව මෙහෙයෙන් පසු  කතෝලික සුසාන භූමියේ මිහිදන් කිරීමටත් කටයුතු යොදා ඇති බව පවුලේ  ඥාතීයකු පැවසීය.

ත්‍රිකුණාමලයේ සිට දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක  වෑන් රථය  මුහුණට මුහුණ ගැටී වෑන් රථයේ ගමන් කළ 10 දෙනෙක් මිය ගොස් දෙදෙනෙක් තුවාල ලැබුහ.  

තුවාල ලැබු 13  හැවිරිදි හා 16 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙක් අසාධ්‍ය තත්වයෙන් බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෘත දේහ අද (18) අලුයම මඩකළපුවට රැගෙන ගිය බව පොලිසිය පවසයි. 

මහියංගන මහේස්ත්‍රාත් ලක්කෂ්මන් ප්‍රියන්ත මහතාගේ නියෝගය මත හදිසි මරණ පරික්ෂකවරුන් වන එච් .එම්.පී.බී හේරත් සහ ඒ .යූ රාපක්ෂ යන මහත්වරුවන් විසින් මෙම හදිසි මරණ පරීක්ෂණ  සිදු කෙරිණි.

මෙම මරණ වලට හේතුව  අනතුරේ දී සිදුවූ දැඩි තුවාල, කම්පනය  හා අධික රුධිර වහනය බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් කීය.

මිය පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය මහයංගන රෝහලේ දී සිදුකෙරිණි. 

(ඡායාරූප - ටී. එල්. ජ්ව්ෆර්කාන් : මඩකලපුව  කතෝලික දේවාලයේදී  අවසන් කටයුතු පැවැත්වීම සහ ආදාහනය)

ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල

 



අදහස් (9)

මහියංගන අනතුරින් මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද

mohan Thursday, 18 April 2019 07:07 AM

මෙවන් අකල් මරණයකට ඔබ සියලුදෙනාම කවදාවත් ගොදුරු නොවේවා.නිවන් සුව ඔබ සියලුදෙනාටම.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 18 April 2019 09:26 AM

මෙම අගෝස්තුවේ ලංකාවට නිවාඩුවට යෑම මම වර්ජනය කරනවා. හේතුව පාරක ආරක්ෂාකාරීව ගමනක් යන්න බැරි නිසා. යුරෝපයේ මෙන් අධි වේගයෙන් ධාවනය කල හැකි පාරවල් ලංකාවේ තිබුණා නම් ලංකාවේ ජනගහනය මේ වන විට අඩක් වන්නට තිබුණා සහ රටේ බිමෙන් අඩක් සොහොන් කොත් වලින් වැසී යන්න තිබුණා.

:       68       107

lak kollaThursday, 18 April 2019 11:07 AM

අපෝ ඔබතුමා එහෙටම වෙලා ඉන්න එක හොඳා. මෙහෙ එන්න එපා කවදාවත්. අභියෝග වලට බයේ පැනලා යන්නේ නිවටයෝ. අපිට නම් පුංචි ලංකාව හොඳා.

:       8       25

raviThursday, 18 April 2019 11:13 AM

අපේ රටේ මිනිස්සුන්ට ... මාර්ගයක වාහනයක් පාලනයකරගන්න තරම් හැදිච්චකමක් , ශීලාචාර කමක් නැහැ .... හැමෝම ඒ...ඒ අයට ඕන ..ඕන විදිහට තමයි රිය පදවන්නේ , ජීවත්වෙන්නේ .. ඉතින් මෙවැනි දේවල් තමයි මේ .... අයගේ මාරයා බවට පරිවර්තනය වෙලා තියෙන්නේ .... එත් මේ මනුස්සයෝ මේවා තේරුම් ගන්න පුළුවන් තත්වයක නෙමෙයි ජීවත්වෙන්නේ .. කනගාටුයි !!!

:       0       21

RAVI Thursday, 18 April 2019 09:49 AM

මෙවැනි අනතුරු බහුල වෙමින් පවතිනවා ලංකාවේ දැන් . ප්‍රධානම හේතුව රියදුරුට නින්ද යාම. ඇත්තෙන්ම එයට වලක්වන්න බොහොම අමාරු තත්වයක් . නින්ද යාම තත්පරයක් උනත් ඇති ලොකු අනතුරකට . වෙනත් රට වල මෙවැනි අනතුරු වැලක්වීමට සෑම පාරකම මැද හා අයින් දෙකෙයි අගලක් පමණ උස අගල් 3 ක් පමණ දිග කටට කැලි පේලියක් පාරට අල්ලලා තියෙනවා . ඉතින් එක උඩින් වාහනයක රෝදයක් ගිය ගමන් ඇහැරෙනවා අනිවාර්යෙන් ( අත්දැකීමෙන් කියන්නේ) වටිනා ජිවිත හා දේපල බේරා ගැනීම සදහා එවැනි දෙයක් ලංකාවටත් ක්‍රියාත්මක කිරීම හොදයි කියල මම යෝජනා කරනවා.

:       1       75

ravi Thursday, 18 April 2019 10:07 AM

මෙතන හිටපු වැඩිහිටියෝ තමයි මේ ... නස්පැත්තිය සිද්ද කරගෙන තියෙන්නේ .... මේ අනතුරට පත්වුන පුංචි දරුපැටව් ගැන අපි හුඟක් කණගාටු වෙනවා .

:       0       11

Jayantha Thursday, 18 April 2019 10:27 AM

මිනිස්සු පාරේ හැමදාම රිය අනතුරුවලින් මැරෙනවා. අවුරුද්දකට 3000 විතර. මේ ගැන ආණ්ඩුව මොනවාද කරන්නේ. ඒගොල්ලෝ ඩිෆෙන්ඩර්ස් ඉස්සරහින් සහ පස්සෙන් දාගෙන යන්නේ. මේ ගැන ඒගොල්ලන්ට දැන ගැනීමට ඕනෑ කමක් නැත. මේකට පළමුවෙන් කරයුත්තේ මාර්ග අනතුරු අධිකාරියක් සැදීමයි. එයින් කල යුත්තේ රටේ අනතුරු අඩු කීරීමට වැඩ පිළිවෙලක් සාදා එය ක්‍රියාත් මක කීරීමයි. රථ වාහන පොලිසියට දැන් අවුරුදු 70 ක් තිස්සේ මෙය බාර දුන්නට එයින් කිසිම හොඳ ප්‍රතිඵලයක් රටට ලැබී නැත.

:       2       102

තුෂා Thursday, 18 April 2019 10:45 AM

වාහනය පදවන කෙනාට සියලු වගකීම දීලා අනිත් අය සැපට නිදා ගන්නවා. අවරුදු 19ක පැඟිරි වයසේ කොල්ලෙක් වාහනය පදවන කොට විශේෂයෙන් රාත්‍රී කාලයේදී , ඉදිරිපස ආසනයේ අසුන් අරන් ඉන්න වැඩිහිටියෙක් කෙතරම් විමසිල්ලෙන් ඉන්න ඕනෙද..? විඩාබර නම් නිදිමත දැනෙනවානම් මදක් විවේක අරන් ගමන යන්න මැලි වෙන්නේ ඇයි.? පසු ගිය ටිකේ කීදෙනෙක් නම් මිය ගියාද ? ඉස්සර අපේ වැඩිහිටියෝ "ඉක්මන් කොටයි " කියලා කීවේ කට කහනවට නොවෙයි. නිවාඩුවට ලංකාවට එන්නත් බයයි දැන්..කව්ද දන්නේ , අපි අපේ පාඩුවේ ගමන ගියත් , මොකෙක් නිදි මතේ ඇඟට ගොඩවෙයිද කියලා.

:       0       22

dias Thursday, 18 April 2019 12:55 PM

අනේ මන්ද, දැන්නම් ඔය බස් ඇතුළේ ඇහෙන බෆල් එකේ ශබ්දය නැතුවත් බෑ කියල හිතෙනවා. මොකද, ඔකේ සද්දේ නැත්නම් රියදුරාට නින්ද ගිහින් වාහනේ අනතුරකට පත්විය හැකි නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site