මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාල අතර 96 වැනි මහා ක‍්‍රිකට් තරගය හෙට (9) සහ අනිද්දා (10) දෙදින අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදි පැවැත් වේ.
දෙවිදුහල අතර මෙතෙක් පැවති තරග 95 න් තරග 22 ක් ත‍්‍රිත්ව විද්‍යාලය ද, තරග 12 ක් ශාන්ත අන්තෝනි විදුහල ද ජය ලබා තිබේ. ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
ත‍්‍රිත්ව විදුහල අවසන් වරට 1986 වසරේ ද ශාන්ත අන්තෝනි විදුහල අවසන් වරට 1992 වසරේ ද ජය ලබා තිබේ.
ත‍්‍රිත්ව විදුහල මේ තරග වාරයේ තරග 18 කදී තරග 10ක පූර්ණ ජය ලබා ඉතිරි තරග විසඳුමකින් තොරව නිමාකර අපරාජිතව සිටීම කැපී පෙනේ.
ඉසිපතන, සාන්ත ඇලෝසියස්, කිංග්ස්වුඞ්, වෙස්ලි, මහින්ද, සාන්ත සිල්වෙස්තර, ශ්‍රී සුමංගල, කළුතර මහා විද්‍යාලය, සාන්ත තෝමස් සහ සහිරා විදුහල්වලට එරෙහිව ත‍්‍රිත්ව විදුහල පූර්ණ ජය වාර්තා කර තිබේ.
ශාන්ත අන්තෝනි විදුහල මේ තරගවාරයේ තරග 16 කට සහභාගී වී ධර්මරාජ සහ ඞී.එස්. සේනානායක යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජය වාර්තා කළේය.
දක්‍ෂ පිතිකරුවකු වන නිරෝශන් දික්වැල්ල මෙවර ත‍්‍රිත්ව විදුහල මෙහෙයවන අතර අන්තෝනි පිල කනිෂ්ක රණරාජ විසින් මෙහෙයවනු ලබයි.
ත‍්‍රිත්ව විදුහල් සංචිතය :
නිරෝශන් දික්වැල්ල (නායක), ජනිශ්ක පේ‍්‍රමසිංහ, අඛිල ජයසුන්දර, හේශාන් වන්නිආරච්චි, ඇල්වින් ප‍්‍රනාන්දු, දිනුක් වික‍්‍රමනායක, රොහාන් චන්ද්‍රගුප්ත, රජිත ජයතුංග, ලක්‍ෂිත දිසානායක, අම්රිත් සිරිමහන්, ලක්ශාන් ජයසිංහ, භාග්‍ය පලිහවඩන, අර්ජුන ජයසිංහ සහ මධුශාන් සුභේන්‍ද්‍රන්
ශාන්ත අන්තෝනි සංචිතය :
කනිෂ්ක රණරාජා (නායක), මනෝජ් සත්චන්‍ද්‍ර, යොහාන් මධුශ පුස්සැල්ල, සචින් බුලත්සිංහල, නිමේශ් ගුණසිංහ, විරාජ් දීපාල්, බුවනෙක විජේතුංග, දිලාන් බණ්ඩාර, ශ්‍රී කන්නන්, දිනුක් හේරත්, භාතිය ලියනගේ, නිමේශ් කොඩිතුවක්කු සහ දමිත‍්‍ර පණ්ඩිතරත්න.

2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහනුවර ත‍්‍රිත්ව - ශාන්ත අන්තෝනි මහා ක‍්‍රිකට් තරගය හෙට - අනිද්දා