(මනෝප්‍රිය ගුණසේකර)
වර්ෂඅවසාන නිවාඩුවෙන් පසු මහාධිකරණ වල කටයුතු හෙට (06) සිට යළි ආරම්භ කෙරේ.
අධිකරණ කටයුතු ආරම්භ වුවත් සෞඛ්‍ය උපදේශයන් අනුව දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අධිකරණ කටයුතු පවත්වාගෙන යෑමට සියළු පාර්ශවයන්ට මේ වන විටත් උපදෙස් ලබාදී ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
නඩු කටයුතු සඳහා අත්‍යවශ්‍ය පුද්ගලයින් හා නිලධාරීන් පමණක් සහභාගි කරවා ගැනීමට මෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවලදී නීතීඥවරුන් සහභාගි කරවා ගැනීම කෙරෙහිද අවධානය යොමු කොට ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර දැනට පවතින කොරෝනා වසංගත තත්වය අවම වී සුපුරුදු පරිදි අධිකරණ කටයුතු පවත්වාගෙන යා හැකි බවට සෞඛ්‍ය අංශ නිර්දේශ ලබාදෙනතුරු මේ වන විට අධිකරණ කටයුතු සිදුකරනා අයුරින් හැකි සෑම අවස්ථාවකදීම විද්‍යුත් තාක්‍ෂණය ඔස්සේ සැකකරුවන් නිරීක්‍ෂණය කරමින් හා නිලධාරීන් සම්බන්ධ කරගනිමින් අධිකරණ කටයුතු පවත්වාගෙන යෑමට කොළඔ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සහ මහාධිකරණ විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් නීතීඥවරුන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවකදී එකඟත්වය පළ කොට ඇතැයි නීතීඥ සංගමය සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහාධිකරණ කටයුතු හෙට ඇරැඹෙයි