IMG-LOGO

මුහුණු පොතේ සාදක් වටලා 12ක් අල්ලයි

(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුහුණු පොතෙහි දැන්වීම් පළ කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරැණයන් 12 දෙනකු අත් අඩංගුවට ගත් බව සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි

සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතාට ලද තොරතුරක් මත විසි පහකට වැඩි පොලිස් නිළධාරීන් ගේ සහභාගිත්වයෙන් සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත

අදාල සාදය පැවැත් වූ හෝටලයේ හිමිකරු විසින් එම සාදය මුහුණු පොත හරහා සංවිධානය කර ඇති බවත් එම හෝටලයට යන මාර්ග ගස් කපා දමා හරස් කර කෙසෙල් කොල යොදාගෙන හෝටලය නොපෙනන ලෙස වසා දමා මෙම සාදය සංවිධානය කර තිබූ බවද එම කාර්යාලය පවසයි

අත් අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගංජා යොදා සකස්කල දුම්රිය 11ක් ද සාදය සංවිධානය කළ හෝටලයේ හිමිකරු සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් මත්පැන් බෝතල් 10 ක් බියර් ටින් 22 ක් සහ බියර් බෝතල් 12 ක් සොයා ගැනීමට හැකි වී ඇත

එසේම එම අවස්ථාවේදී ලබා දෙන ආහාරපාන ඉහල මිල ගණන් යටතේ අලෙවි කිරීමටද හෝටලයේ හිමිකරු කටයුතු කර තිබූ බවත් එය සාමාන්‍ය මිල මෙන් තුන් ගුණයක් පමණ මිල ගණන් බවද සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ⁣උසස් නිලධාරියෙක් පැවසීය

අත් අඩංගුවට ගත් තරැණයන් අතර කහතුඩුව ප්‍රදේශයේ සිට පැමිණි තරැණයන් හත් දෙනකු ද බලංගොඩ ඇහැලියගොඩ අවිස්සාවේල්ල ගුරුගල්ල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 18 ත් 26 ත් අතර තරැණයින් ද සැකකරුවන් අතර වේ

සැකකරුවන් පිරිස අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ

 



අදහස් (0)

මුහුණු පොතේ සාදක් වටලා 12ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 523 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site