(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් දරුණු අතට හැරෙමින් පවතින බවත් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූනි මස සියයට 58.9ක් වූ උද්ධමනය ජූලි මස සියයට 66.7 ක් දක්වා වැඩි වී ඇති බවත් ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාව පෙන්වා දුන්නේය.
ඉහළ යන උද්ධමනය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවයට තව තවත් බලපෑම් එල්ල විය හැකි බව එම වාර්තාවේ දැක්වේ.
දැනටමත් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව එම වාර්තාවේ සඳහන් වේ.මෙම ගැටලුවට ඉක්මන් මැදිහත්වීමක් සිදු නොවූහොත් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන ගණන තව තවත් ඉහළ යා හැකි බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාව පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි පවුල්වල ආහාර සුරක්ෂිතතාව,පෝෂණය,ජීවනෝපාය සහ ණය පිළිබඳ දුරකථන මාර්ගයෙන් අඛණ්ඩව සමීක්ෂණ සිදුකරන බව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.
ජූලි මස සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලාංකිකයන්ට සහාය වීමට අවශ්‍ය ඇමෙරිකා එකසත් ජනපද ඩොලර් මිලියන 63 ක මුදලින් සියයට 34 ක ප්‍රමාණයක් පරිත්‍යාග ලෙස ලැබී තිබෙන බවත් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 42 ක ප්‍රමාණයක් අවශ්‍ය බවත් ලෝක ආහාර වැඩසටහන එම වාර්තාව මගින් පෙන්වා දුන්නේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මෙරට අර්බුදය තවත් දරුණු අතට
APerera Wednesday, 31 August 2022 08:25 AM
වයස අවුරුදු 70, 80 පාර්ලිමේන්තුවේ ඉන්දැද්දී, රජයේ සේවකයින් 60න් ගෙදර යැව්වාම ආර්ථික අර්බුදය විසඳෙනවා කියලා මේ රැලට හිතෙන්න ඇති...
fairoos Wednesday, 31 August 2022 12:11 PM
ජාතිවාදය අවුස්සලා ලංකාව මේ තත්වයට පත්කරපු නන්දසේන සහ නඩයටම හොඳක් සිද්දවෙන්නේ නැහැ.
NIRPAKSHIKAWednesday, 31 August 2022 01:37 PM
1948 ඉඳලාම සිංහල, දෙමළ දේශපාලකයින් බහුතරය කළේ ජාතිවාදය අවුස්සපු එකම තමයි..