IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මම බටහිර සංගීතය පිළිබඳව ඉගෙන ගන්නවා

2016-08-16-ent-62ඉතා කෙටි කාලයකදී නිරූපණ ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වුණ යොවුන් නිරූපිකාවක් සමගින් මෙවර 'සාරවිට' තරු කතා බහ දිගහරින්නට අපි සූදානම් වුණේමු. ඇය නමින් බෙලීනා දිසානායක.

 

බෙලීනා නිරූපිකාවක් වුණේ?

නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට අවුරුදු 2 ½ විතර වෙනවා. පුංචි කාලේ ඉඳලා මම කලාවට ගොඩක් කැමති කෙනෙක්. නමුත්, නිරූපිකාවකට වඩා මම ගොඩක් කැමැත්තෙන් හිටියේ සංගීතය හා නර්තනය පැත්තට. දැන් වුණත් නිරූපණ කටයුතුවලට අමතරව මම සංගීතය පිළිබඳව හැදෑරීම් කරනවා.

 

2016-08-16-ent-61එතකොට නිරූපණය පැත්තට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ?

මම යොවුන් සේනාංකයට සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලයේදී වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියාත්, විවිධ උත්සවවල නර්තනයෙන් මෙන්ම, නිවේදන කටයුතු සඳහා දායකත්වය ලබාදුන්නා. අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීලා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. දැනට මම ගොඩක්ම කරලා තියෙන්නේ පොටෝ ෂූට්වලට පෙනී ඉන්න එක. මොකද තවමත් මම අධ්‍යාපනය හදාරන නිසා.

 

ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම්වලට දායක වෙලා නැද්ද?

නැහැ. නමුත්, ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඉදිරියට ඒවාට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

පොඩි කාලේ හීන දැන් නැද්ද?

තියෙනවා. තවමත් මම බටහිර සංගීතය පිළිබඳව ඉගෙන ගන්නවා.

 

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

හොඳ ගමනක් යන්න පුළුවන් වෘත්තියක්. ඒ වගේම තමයි විවිධ ක්ෂේත්‍රවල බොහෝ පිරිසක් මේ ක්ෂේත්‍ර තුළදී හඳුන ගන්න පුළුවන්. හරි විදිහට මේ ක්ෂේත්‍රය තුළ ගියොත් තමන්ට අවශ්‍ය කරන ඉලක්කයට යන්න පුළුවන්. මම නිරූපිකාවක් විදිහට කටයුතු කළත් මගේ ලොකුම හීනය තමයි සංගීතය පැත්තෙන් ඉදිරියට යන ඒක. ඒ පැත්තෙන් ඉදිරියට යන්න ගොඩ දෙනෙකුගේ උදව් මේ ක්ෂේත්‍රය තුළදී මට ලැබුණා. මම හිතන්නේ මේ ක්ෂේත්‍රය තුළදී ලැබෙන එක්තරා වාසියක්.

 

ඉලක්ක තියෙනවාද?

මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ජනප්‍රියත්වය පසුපස හඹා යන්න නෙමෙයි. අර්ථවත් දෙයක් අලුත් දෙයක් කරන්න. මම කරන පොටෝ ෂූට් එකක් වුණත් නිතරම අලුත් තේමාවකට කරන්න මං‘ උත්සාහ කරනවා. මොකද, මම බලාපොරොත්තුවෙන් ඉන්නෙ කවදාහරි දවසක සංගීත ක්ෂේත්‍රය තුළ වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළ දක්ෂ කෙනෙක් වෙන්න. ඒ වගේම හොඳ අර්ථවත් දෙයක් කරපු කෙනෙක් විදිහට නමක් හදාගන්න. මම දකින විදිහට ජනප්‍රිය කෙනෙක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා වැඩක් නැහැ. කරන වැඩෙන් යමක් සිද්ධ වෙන්නේ නැත්නම්. උදාහරණයක් විදිහට කරන පොටෝ ෂූට් එකකින් වුණත් එය බලන කෙනෙකුගේ සිතුම් පැතුම් මොහොතකට හරි වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනා.

 

වේදිකාවට සම්බන්ධ වී රඟපාන්න කැමති නැද්ද?

ලොකු කැමැත්තක් තියෙනවා. හොඳ චරිතයක්, නිර්මාණයක් ලැබුණොත් රඟපානවා.

 

උදව් කළ අය?

ගොඩක් අයගේ උදව් මට ලැබුණා. ඒ අතර විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ පවුලේ අයගෙන්. මේ ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ඉන්න බොහෝ දෙනෙකු මට උදව් කරලා තියෙනවා. නම් නොකීවත් ඒ සියලු දෙනාවම මම මේ වෙලාවේදී මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - බෙලීනාගේ ෆේස්බුක් ගිණුමෙනි.

2016-08-16-ent-64 2016-08-16-ent-63 2016-08-16-ent-60 2016-08-16-ent-58 2016-08-16-ent-59



අදහස් (0)

මම බටහිර සංගීතය පිළිබඳව ඉගෙන ගන්නවා

ලියනගේ Thursday, 18 August 2016 10:22 AM

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන කණගාටුවක් තියෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 390 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site