IMG-LOGO

මීනා සහ දුමාල්ගෙන් 'සුභාවිත' ගී ප්‍රසංගයක්

2016-08-11-ent-83

කලා රසිකත්වය නැංවීමෙහිලා ඉංජිනේරුවරුන් තිදෙනෙකු එක්ව අලුත් කටයුත්තක් ඇරඹීමට නියමිතය. එනම්, ගීත ප්‍රසංගයක් හා බැඳුණු ගීත රසවින්දනයක මිහිරියාව සහෘද ඔබ වෙතට ළඟා කරවීමටය. අද "තරුණයා" කවරය සරසන්නේ එහි ප්‍රසංගයට දායක වන දුමාල් වර්ණකුලසූරිය හා මීනා ප්‍රසාදිනීය. අපි ඒ ප්‍රසංගය පිළිබඳව කතාබස් කිරීමට ඔවුන් හා එක්වුණෙමු.

 

මීනා ප්‍රසාදිනී

2016-08-11-ent-81මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ අගෝස්තු 20 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න රංග ශාලාවේදියි. එම ප්‍රසංගයට ගායනයෙන් දායක වීමට ලැබීම මට මහත් භාග්‍යයක්. උසස් රසවින්දනයක් සඳහා කැමති ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම මම ආරාධනා කරනවා මෙම ප්‍රසංගයට සහභාගි වෙන්න කියලා. වෙනමම තේමාවකට ලංකාවෙ පළමුවැනි වතාවට කරන නිර්මාණාත්මක කටයුත්තක් මේක.

 

සුභාවිත ප්‍රසංග

අපේ රටේ සුභාවිත සංගීතය අභාවයට යන යුගයක අපි වගේ ආධුනික ශිල්පීන් විදියට ප්‍රවීණයන්ගේ මෙවැනි ගීත නැතිවෙන්නට නොදී රැකගැනීමටත් සුභාවිත ගීතය සඳහා ජනතාව උද්යෝගිමත් කිරීම සඳහා මෙම ප්‍රසංගය දිගටම පැවැත්වුවොත්, නවක පරපුර උද්යෝගිමත් කිරීමටත් මෙම ප්‍රසංගය පිටුවහලක් වේවි කියලා විශ්වාස කරනවා. එමෙන්ම මම කැමතිම ප්‍රවීණතම කලාකරුවන් සමග එකම වේදිකාවේ ගී ගැයීමට ලැබීමත් භාග්‍යයක්.

 

 

දුමාල් වර්ණකුලසූරිය

ලංකාවෙ බිහිවුණු මිහිරි, සුභාවිත ගීත සහ එම ගීතවල අර්ථය පමණක් නෙවෙයි ලියවෙන්න හේතුව. සංගීතය මෙන්ම ඇයි එහෙම යෙදෙන්නෙ යනාදී බොහෝ කරුණු කාරණා කතාකරන ප්‍රසංගයක් සහ රසවින්දනාත්මක වැඩ සටහනක් තමයි මේක. කාලෙකින් නොකෙරුණු වැඩසටහනක්. මම බොහොම කැමැත්තෙන් තමයි එවැනි වැඩසටහනට සම්බන්ධ වෙන්නෙ. ඊළඟට ලංකවෙ සුභාවිත සංගීතය ඉදිරියට ගෙන යන්න කැමති කෙනෙක් විදියට එයට සහභාගි වීම භාග්‍යයක් ලෙසයි මම දකින්නෙ. සහභාගි වෙන්නෙ ප්‍රවීණ ගායන ශිල්පීන් දෙදෙනෙක් සහ අලුත් පරපුරේ අය විදියට මමත්, මීනාත් තමයි සහභාගි වෙන්නෙ. සුභාවිත සංගීතය රැකගැනීම සහ ඉදිරි පරපුරට ගීතය රසවිඳින්නෙ කොහොමද යන්න හා ඒවායේ අභ්‍යන්තරය තේරුම් කිරීම තමයි මෙහි ප්‍රධානම අරමුණ.

 

අනුන්ගේ ගීත ගයන්නෙ ඇයි?

මේ වැඩසටහනට තෝරගෙන තිබෙන ගීත අපිට කලින් ජනප්‍රිය වූ ගීත. පුද්ගලිකව මගේ සම්මානයට නිර්දේශ වූ සහ සම්මානිත ගීත විශාල ප්‍රමාණයක් තිබෙනවා. මගේ බොහොමයක් ගීත තිබුණත් ඒවා ජනප්‍රිය වෙලා නෑ. එනිසා වෙන්න ඕන එම ගීත මුල් වැඩසටහනට තෝරා නොගත්තේ. නමුත් ඉදිරි වැඩ සටහන්වලදී මගේ ගීත ගායනා කරන්නත් ඒවා පිළිබඳව සංවාද ඇති කරන්නත් බලාපොරොත්තු වෙනවා. දැනට මිනිස්සු අතර තිබෙන වැඩිය ප්‍රචාරය නොවන සුභාවිත ගීත තමයි මෙහිදී කතාබස් කෙරෙන්නෙ. මේ දිනවලත් මම ගීත ගායනා කළ ටෙලිනාට්‍ය ගීත ප්‍රචාරය වෙනවා. නමුත් මේ කටයුත්තේදී අවශ්‍යතාව අනුවයි මෙම ගීත ගායනා කරන්නෙ.

 

සටහන ඉඳුනිල් සින්දු /සේයාරූ මිහිර බණ්ඩාර

 

2016-08-11-ent-80
2016-08-11-ent-79
2016-08-11-ent-78



අදහස් (0)

මීනා සහ දුමාල්ගෙන් 'සුභාවිත' ගී ප්‍රසංගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site