වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතාට ඉකුත් 02 දින මීගමුව මහ නගර සභාවේදි පහරදුන් බව කියන සැකකරුවන් දෙදෙනා අද (14) හදුනා ගැනිමේ පෙරට්ටුව සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එමේන් පසුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේ නඩුව කැඳවිණි.
නීතිඥ දන්ත නිරංජන සහ චාමර ජයසිංහ යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර මෙම පහර දීම පිළිබද අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වෘත්තීය මාධ්‍යවේදියකුට සිදුකළ පහරදීම සුළුකොට තැකිය නොහැකි බවත් එය සමස්ත ප්‍රජාවටම සිදුකළ පහර දීමක් බවත් සඳහන් කරමින් විත්තියේ නීතිඥවරුන් විසින් සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලුම ද ප්‍රතික්ෂේප කරන ලදි. සැකකරුවන් ලබන ජූනී 21 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා අධිකරණයෙදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ෆ්‍රෙඩී ගමගේ මහතාගේ හිසට එල්ලවු පහර දීම හේතුවෙන් ප්‍රතිකාර පිණිස ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඇස කන නාසය පිළිබද අංක 11 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බැවින් සාක්ෂිකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවට සහභාගි විමේ හැකියාවක් නොමැති කමින් හදුනා ගැනීමේ පෙරට්ටුව සදහා වැඩිදුර දිනයක් එනම් ජුනි 21 වැනි දින නියම කල බව පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාධ්‍යවේදීයාට පහර දුන් සැකකරුවන් යළි රිමාන්ඩ්
කෝලිත Tuesday, 14 June 2016 01:20 PM
කෝ මහා මොළ කාරයා මේ සිද්ධිය පිටිපස්සේ ඉන්න. එයා අල්ලන්න. (බ)