IMG-LOGO

මැද පෙරදිග කලාපයේ සාමකාමීම රට කටාරයලු

peace

 

පසුගියදා ප්‍රකාශයට පත්වූ ගෝලීය සාම දර්ශකය 2016 වාර්තාවේ මැදපෙරදිග කලාපයේ සාමකාමීම රට බවට යළිත් වරක් පත්වීමට කටාර් රාජ්‍යයට හැකියාව ලැබී තිබේ. කටාර් රාජ්‍යය පසුගිය වසරේ ලැයිස්තුවෙන් ස්ථාන 4 ක් පහළට ගොස් දර්ශකයේ 34 වැනි ස්ථානයට පත්ව ඇත. දර්ශකයේ 51 වැනි ස්ථානය කුවේටයත්, 61 වැනි ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, ඕමානය 24 වැනි ස්ථානයත්, සවුදි අරාබිය 129 වැනි ස්ථානයත්  සහ බහරේනය 132 වැනි ස්ථානයටත් පත්ව ඇත.


ලෝකයේ සාමකාමී රට බවට අයිස්ලන්තය පත්ව ඇති අතර ඩෙන්මාර්කය සහ ඕස්ටි්‍රයාව පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානයට පත්ව තිබේ. 


පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී සාමය වේගයෙන් පිරිහීමකට ලක්ව ඇති බව ද ඉහත දර්ශකය සකස් කළ ආර්ථික සහ සාමය සඳහා වන ආයතනය අනාවරණය කර තිබේ. මෙම දර්ශකය හරහා ලොව රටවල් 163 ක් ශ්‍රේණිගත කර ඇති අතර ඉන් රටවල් 81 ක් දර්ශකයේ තම තත්ත්වය ඉහළ නංවා ගන්නා විට අනෙක් රටවල් 79 තත්ත්වය යම් පිරිහීමකට ලක්ව තිබේ.


ලෝකයේ සාමකාමී සහ සාමකාමී නොවන රටවල් අතර ඇති වෙනස දිගින් දිගටම පුළුල් වෙමින් පවතින නිසා සාමකාමී බවේ ගෝලීය මට්ටමේ විෂමතාවය වර්ධනය වීම ගැන ද ගෝලීය සාම දර්ශකයේ 10 වැනි සංස්කරණයෙන් අවධානය යොමු කර ඇත.


අභ්‍යන්තර සාමකාමී බව සාපේක්ෂව ඉහළ මට්ටමක පවත්වා ගැනීම නිසා කාටර් රාජ්‍යය මෙවර ගෝලීය සාම දර්ශකයේ ස්ථාවර ස්ථානයකට අත්පත් කරගෙන ඇත.



අදහස් (0)

මැද පෙරදිග කලාපයේ සාමකාමීම රට කටාරයලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site