( බන්ධුල ඉලේපෙරුම)
මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බවට වන යෝජනාව බහුතර කැමැත්තෙන් අද(23) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වයට යෝජනා කරන ලද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා වෙනුවට වෙනත් රජයේ මන්ත්‍රීවරයකු යෝජනා කිරීමට සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා උත්සාහ කිරීමත් සමග අද (23 ) පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බව දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියද විපක්ෂයට ලැබිය යුතු එකම සභාපතිත්වය වන මෙම කාරක සභාවේ සභාපතිත්වය තමන්ට ලබාදෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලා සිටීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත විය.
ස්ථාවර නියෝග 121(1) හි විධිවිධාන අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එම කාරක සභාවේ මන්ත්‍රීන් අතරින් කාරක සභාව විසින්ම තෝරාපත්කරගැනීම සඳහා බහුතර කැමැත්ත විමසීමට ඡන්දයක් පැවැති අතර ඊට පක්ෂව ඡන්ද 87ක් හිමිවිය. විපක්ෂව ලැබුණේ ඡන්ද 17ක් පමණි. ඒ අනුව බහුතර කැමැත්තෙන් අදාළ යෝජනාව සම්මත විය.
2025 නොවැම්බර් මස 04
504
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2245
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1678
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුදල් කාරක සභාවේ සභාපතිත්වය පත් කිරීමේ යෝජනාව බහුතර කැමැත්තෙන් සම්මතයි
Rata Perata Friday, 23 October 2020 06:39 AM
දිනේෂ් ගුණවර්ධන වගේ අය දැන් ගෙදර සිටිය යුතුකාලයයි. වයසක උදවිය තාමත් රට කන එක තමයි කරන්නේ...
BamunuarachchiSunday, 25 October 2020 01:27 PM
අලුත ආපු තරුණයෙක් දේශපාලනේ ඉගෙන ගන්න කලින් ලැහැස්ති වූනේ ගෝඨාභය මහතාට ජම්පර් අන්දන්න.
දිමුත් Friday, 23 October 2020 07:02 AM
ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයම නොවේ!
BamunuarachchiSunday, 25 October 2020 01:30 PM
නැතිනම් මොකක්ද.? ඉතිරි ටිකත් කියන්නකෝ.
සෙනෙවිරත්න Friday, 23 October 2020 08:13 AM
මේක ලැබුණේ කාටද? අපැහැදිලියි....