IMG-LOGO

මදුරු මර්දන සහයකයින් ලෙස පැමිණ ගෙට සුද්දයක් දීලා

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මදුරු  මර්දන සහයකයන් ලෙස කැස්බෑව බටුවන්දර නිවසකට වෙස් වලා ගෙන පැමිණ පුද්ගලයන් තිදෙනෙක් 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්ගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි  කැස්බෑව පොලිසිය කියයි.

පැමිණි කොල්ලකරුවන් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා  රන්මුදු,  රන් මාල ,රන් වළලු හා ජංගම දුරකථනයක් කොල්ල කා පලාගොස් ඇත.

හොඳින් හැඳ පැළඳ අත ෆයිල් කවර සහ ලිපිලේඛන අතැතිව පැමිණ තිබූ කොල්ල කරුවන් තිදෙනා අසල්වාසීන්ට කිසිදු සැකයක් ඇති නොවන පරිදි කොල්ලකෑම සිදු කළ නිවස  ඉදිරි පසින් පිහිටා තිබෙන නිවෙස් දෙකක  අවට පරිසරයේ ඩෙංගු කීටයන් සිටිනවාදැයි පරීක්ෂාකර  අනතුරුව මෙම නිවෙස වෙත පැමිණ තිබූ බව පොලිසිය පොලිසිය සඳහන් කරයි.

එම නිවෙස් දෙකේ දෙතුන් දෙනකු සිටින අයුරු  නිරීක්ෂණය කර තිබූ කොල්ල කරුවන්  මෙම නිවසට පැමිණ වයෝවෘද්ධ කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලා ඇති අතර ඇය එය ලබාදීම සඳහා මුළුතැන්ගෙට පිවිසීමේ දී  නිවසේ වෙනත් කිසිදු අයෙක් නොමැති බවට තහවුරු කරගත කොල්ලකරුවන් ඇයගේ කට තදකර පැළඳ සිටි රන් මාලය කොල්ල කා තිබූ බව පොලීසිය සඳහන් කරයි.

 

 



අදහස් (2)

මදුරු මර්දන සහයකයින් ලෙස පැමිණ ගෙට සුද්දයක් දීලා

aravinda Sunday, 04 June 2023 03:02 PM

නිවෙස් වලට පැමිණෙන සෑම නාඳුනන පුද්ගලයෙකුගෙන්ම ඔවුන්ගේ සේවා ස්ථානවලින් නිකුත් කළ හැඳුනුම්පත ඉල්ලා සිටිය යුතුයි...!

:       0       27

[email protected]Sunday, 04 June 2023 05:47 PM

ඒවත් හදාගෙන ආවොත්...!

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site