IMG-LOGO

මත් කරල් සමඟ අයෙක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ,පද්මා කුමාරි සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මත් කරල් 4,23,000 තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පුද්ගලයෙක් නොරොච්චෝල කරඹ පොලිස් මාර්ග බාධකය අසලදී අද (25)   අලුයම  නොරොච්චෝල පොලිසියේ නිලධාරීන්  කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම මත් කරල් තොගය කාඩ්බෝඩ් පෙට්ටි 9ක අසුරා තිබිණි යැයි පොලිසිය පවසයි.

මත් කරල් තොගය ප්‍රවාහනය කරමින් සිටිවෑන් රථයද  පොලිස් භාරයට ගනු ලැබීය.අත්අඩංගුවට ගත් සැකකරු  ඔබේසේකරපුර, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

වේදනා නාශක ඖෂධ වර්ගයක් වන මේවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අය ඊට ආදේශකයක් වශයෙන් පාවිච්චි කරණ බවද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය .  වෛද්‍ය නිර්දේශයකින් තොරව මේවා විකිණීම තහනම් බව පොලිසිය කියයි.

මෙම මත් කරල් තොගය කල්පිටියේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් සිට ඇති බව කියති. ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මේවා ගෙනැවිත් ඇති බවට පොලිසිය සැක කරයි.

 

 

 



අදහස් (0)

මත් කරල් සමඟ අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 523 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site