IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මැතිසබේ කුස්සියට පීඑච්අයිලා පනිති

(සුජිත් හේවාජුලිගේ )

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාර්ලිමේන්තුවේ මුළුතැන් ගේ මුළුමනින්ම පරීක්ෂා කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවසර දී ඇත.

මේ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එහි සෞඛ්‍ය ආරක්ෂිත භාවය පිළිබඳව සෙවීමටත් ඩෙංගු පැතිරෙන ස්ථාන ඇත්දැයි සෙවීමටත් ඉදිරි දිනවල කටයුතු කෙරෙනු ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි සහ භෝජනාගාර අංශයේ සේවකයන් සියයකට ආසන්න පිරිසකට ටයිපොයිඩ් එන්නත දුන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම එන්නත ලබාදීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට පසුගියදා පැමිණියහ

ටයිපොයි එන්නත ලබාදෙන්නේ උණ සන්නිපාත රෝගය වැළැක්වීම සඳහාය. උණ සන්නිපාතය යනු ආසාදිත පුද්ගලයෙකුගේ මළ මූත්‍රාවලින් සහ ඔහු හසුරවන අපවිත්‍ර වූ ආහාර හෝ ජලය ශරීරගත වීමෙන් සම්ප්‍රේෂණය වන රෝගයකි.

මුළුතැන් ගෙයි සහ ආපනශාලා අංශයේ එම එන්නත ජීවිත කාලයටම ලබා නොගත් සේවකයන්ද සිට එහිදී හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

 



අදහස් (3)

මැතිසබේ කුස්සියට පීඑච්අයිලා පනිති

Lalla Monday, 07 April 2025 09:07 AM

පාර්ලිමේන්තුවේ භෝජනගාර සේවකයින් සීයකට එන්නත් දීලා. ඕක තරු පහේ හෝටලයක්ද ඔපමණ සේවක කණ්ඩායමක් ඉන්න.....

:       0       8

වින්සන්ට් කජ්ජා Monday, 07 April 2025 09:30 AM

ඉපදුන දා ඉඳල උණසන්නිපාතෙන් පෙළුණු අයනේ කලින් හිටියේ. ඒ අයට ප්‍රතිශක්තිය තියෙන නිසා ඒක ප්‍රශ්නයක් නෑ. අනික හොරකම් කෙරුවේ ඒ ලෙඩේ නිසා. නමුත් දැන් එන්නත දුන්න එක හොඳයි.

:       2       12

janahitha Monday, 07 April 2025 10:17 AM

මේක හෝටලයක් ද? 1980 අගබාගයේ පුපුරා ගිය පල්ඩෝරු නලයෙන් මතු උන ගෝනි ගනන් උපත් පාලන කොපු දැන් අසුවන්නේ නැතෙයි. එකල ඒවා මාධ්‍යට නොදෙන අපිට එන කල

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 761 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site