IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 12 වාට්ටුව වසාදමයි

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
 
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ  12 වාට්ටුව අද (31) සිට තාවකාලිකව වසා දමා එම වාට්ටුවේ රෝගීන් වෙනත් වාට්ටුවකට යොමු කර එම වාට්ටුව විෂබීජ හරණය කිරීමට පියවර ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක අසේල දිසානායක මහතා පැවසීය.
 

ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට හා රෝහලේ පිරිසිදු කරනු ලබන පුද්ගලයෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. 
   
මීට දින දෙකකට පෙර (29) දින මාතලේ රෝහලේ රෝගියෙකු අසළ නැවතී ඔහුට සාත්තු සේවය කරමින් සිටි කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා රෝගීන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී සාත්තු සේවයේ යෙදී සිටි පුද්ගලයා, සේවය ලබා දුන් රෝගියා හා රෝහලේ පිරිසිදු කිරීමේ නියුතු වු සේවකයෙකු කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයින් දෙ දෙනා මහනුවර දිගන කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල වෙත යොමු කර තිබේ.
 
තාවකාලිකව වසා දමා ඇති වාට්ටුව විෂබීජහරණය කර නැවතත් රෝගීන් ඇතුලත් කරන තුරු වෙනත් වාට්ටුවකට රෝගින් යොමු කර ප්‍රතිකාර කරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.



අදහස් (0)

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 12 වාට්ටුව වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 385 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site